March 29, 2024

ක්‍රිකට් ක්‍රීඩකයින් 07කට කොරෝනා

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 07 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය් වී ඇති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටිනවා.
මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ Kashif Bhatti, Mohammad Hasnain, Fakhar Zaman, Mohammad Rizwan, Mohammad Hafeez, Wahab Riaz සහ Imran Khan යන ක්‍රීඩකයින්ටයි.
ඊයේ දිනයේදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලදී තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.
ඒ අනුව එංගලන්ත තරග සංචාරය සඳහා පුහුණු සැසියට කැඳවනු ලැබූ ක්‍රීඩකයින් හට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
මෙම ක්‍රීඩකයින්ට අමතරව කණ්ඩායමේ සහයක නිලධාරියෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා
Rate this item
(0 votes)