බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රමුඛ කොන්සවේටිව් පක්ෂය ජයග්‍රහණය කළේ ය.
ඒ, ආසන 650 කින් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 333ක බහුතරයක් දිනා ගනිමිනි.
පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගැනීමට නම්, ආසන 326 ක් ජයග්‍රහණය කළ යුතු වේ.
ජෙරමි කෝබින්ගේ කම්කරු පක්ෂය ආසන 199 ක් ජයග්‍රහණය කළ අතර නිකොලා ස්ටෝජන්ගේ, ස්කොටිෂ් ජාතික පක්ෂය දිනූ ආසන සංඛ්‍යාව 45 කි.
මෙවර මහමැතිවරණය පැවැත් වුණේ බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් අර්බුදය මධ්‍යයේයී.