April 20, 2024

බ්‍රිතාන්‍ය මහ මැතිවරණය අදයි : ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට කතා කළ බ්‍රිතාන්‍ය ළඟදීම කෑලි තුනකට කැඩෙන ලකුණු

December 12, 2019

බ්‍රිතාන්‍යයේ මහා මැතිවරණය අදයි. මේ මහා මැතිවරණයේදී පාලක කොන්සවේටිව් පක්ෂය මෙන්ම ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයද ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල සම්භවයක් ඇති ජන්දදායකයන්ගේ ජන්දය ලබා ගැනීම සඳහා බෙදුම්වාදය සහ ජාතිවාදය මැතිවරණ ව්‍යාපාරයේදී වපුරන ලදී. 

බොරිස් ජොන්සන් කොන්සවේටි පක්ෂයට නායකත්වය දෙන අතර ජෙරමි කෝබින් කම්කරු පක්ෂයට නායකත්වය දෙයි. මේ දෙපළම ශ්‍රී ලාංකික සහ ඉන්දීය සම්භවයක් ඇති ජන්දදායකයින්ගේ ජන්ද ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දෙකඩ කොට දෙමල ජාතිකයින් සඳහා වෙනම රාජ්‍යක් පිහිටුවන බව මැතිවරණ ව්‍යාපාරයේදී ප්‍රකාශ කරන ලදී. 

බ්‍රිතාන්‍ය දේශපාලඥයින් ශ්‍රී ලංකාව දෙකඩ කරන බව පැවසුවද ඉදිරියේදී බ්‍රිතාන්‍ය කොටස් තුනකට කැඩී යාමේ ප්‍රවණතාවයකට මුහුණ දී සිටියි.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට ජනමත විචාරණයකදී ලැබුණු ප්‍රතිචාර මත බ්‍රිතාන්‍ය නායකයින් අද පඹ ගාලක පැටලී සිටියි. ජනතාවගේ එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට ගත් උත්සාහය අසාර්ථක වීම මත හිටපු අගමැතිනි තෙරේසා මේ මහත්මියද සිය අග්‍රාමාත්‍ය ධූරය මෙන්ම කොන්සවේටිව් පක්ෂ නායකත්වයද අහිමි විය. 

බ්‍රිතාන්‍ය සමන්විත වන එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තයෙන්, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය යුරෝපා සංගමයේ සිටිය යුතු බව තරයේ ප්‍රකාශ කරයි.

මේ තත්වය මත ඉදිරියේදී ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්ත බ්‍රිතාන්‍යයෙන් වෙන් වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති අතර උතුරු අයර්ලන්තය , අයර්ලන්තය සහ එක්වනු ඇති බව විශ්වාස කෙරේ. 

මිට පෙර කිහිප වතාවක්ම ස්කොට්ලන්ත, උතුරු අයර්ලන්ත දේශපාලන නායකත්වයන් යුරෝපා සංගමයේ ප්‍රශ්නය මුල් කොට ගෙන බ්‍රිතාන්‍යයෙන් වෙන් වීමට උත්සාහ දැරීය. 

අද පැවැත්වෙන මැතිවරණයේදී කොට්ටාශ 650 සඳහා ලක්ෂ 460ක ජන්දදායකයන් පිරිසක් ජන්දය දීමට සුදුසුකම් ලබා තිබේ. 

Rate this item
(0 votes)