April 18, 2024

පශු වෛද්‍යවරිය දූෂණය කර මරා දැමූ දූෂකයින් සිව් දෙනා පොලිස් වෙඩි පහරින් මරුට

December 06, 2019

පසුගියදා එනම් නොවැම්බර් මස 27 වැනිදා ලෝකයේ දැඩි අන්දෝලාත්මක සිදුවීමක් ඉන්දියාවෙන් වාර්තා වුණා.  ඒ පශු වෛද්‍යවරියක් වුණු වයස අවුරුදු 27ක් වුණු ප්‍රියංකා රෙඩ්ඩි පුද්ගලයින් 04 දෙනෙකු විසින් සමූහ දුෂණයට ලක් කොට ගිනි තබා ඝාතන කිරීමයි. මේ සිදුවීමෙන් පසු ඉන්දියාවේ බොහෝ පිරිස් පාරට බැස උද්ඝෝෂණය කිරීමට පටන් ගත්තේ ප්‍රියංකා වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස පවසමිනි. එමෙන්ම ලෝක් සභාව තුළත් මෙම සිදුවීම ගැන වාද විවාද පැවැත් වුණා.

සැකකරුවන් වු මොහොමඩ් අරිව් (26), චින්තකුන්ත චෙන්නකේෂවුළු (20) යන ලොරි රථ රියදුරන් දෙදෙනා සහ ඔවුන්ගේ සහායකයන් වු ජොල්ලු ශිවා (20) සහ ජොල්ලු නවීන් (20) යන 04 දෙනා සොයා වහාම පොලිස් පරික්ෂණ ආරම්භයට පත් වුණා.

සයිබරාබාද් වු පොලිස් කොමිෂනර්වරයා වු වි.සී සජ්ජනාර් මෙහෙය වු විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් මෙහෙයුම් කටයුතු සිදු කර තිබුණා. සිසිටීවි මාර්ගයෙන් පරික්ෂණ ආරම්භ කර තිබුණු ඔවුන්ට සැකකරුවන් දෙදෙනෙකු වු ජොල්ලු නවීන් සහ ජොල්ලු ශිවා යන දෙදෙනා විසින් ප්‍රියංකා රෙඩ්ඩිව පිළිස්සීම සඳහා ඉන්ධන මිලදී ගැනීමට අසළ තිබූ ඉන්ධන පිරවුම්හලකට යන සිදුවීමක් සොයා ගැනීමට හැකියාව ලැබී තිබුණා.

පොලීසිය විසින් විවිධ ස්ථානවල සිසිටීවි දර්ශන පිළිබඳ පරික්ෂණ කිරීමෙන් පසුව සොයා ගැනීමට හැකි වුණේ සැකරුවන් දෙදෙනා විසින් පැද යන්නේ ඝාතනයට ලක් වු ප්‍රියංකා රෙඩ්ඩිගේ යතුරු පැදිය බවයි. තවත් සිසිටීවි දර්ශන කිහිපයකින් පසුව සැකකරුවන්ගේ ලොරි රථය පිළිබඳව පොලිස් කණ්ඩයාමට සොයා ගැනීමට හැකියාව

ඊයේ (04) සැකකරුවන් 04 දෙනා සමඟ පොලිස් නිලධාරීන්, සැකකරුවන් 04 දෙනා සමඟ අපරාධය වු ස්ථානයට ගොස් ඇති අතර එහිදී සැකරුවන් පොලිසීය සමඟ ගැටුමක් ඇති කර ගැනීමට උත්සහ දරා ඇති අතර එහිදී තිබූ වෙබි ප්‍රහාරවලින් සැකකරුවන් 04 දෙනා එම ස්ථානයේ දීම මිය ගොස් සිටි බව අද ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුණා.

Rate this item
(0 votes)