March 29, 2024

ගුවන් යානයක් ළඟට හෙණයක්

November 22, 2019

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ගුවන්තොටුපළේ ගුවන් ධාවන පථයේ නවතා තිබූ ගුවන් යානයක් අසල අකුණු සැරයක් පුපුරා ගිය අවස්ථාවක් එය ඇසින් දුටු අයෙකු විසින් ඡායාරූපයට නැගීමට සමත්වී තිබේ.

Airbus A380 වර්ගයේ ගුවන් යානයක් අසල බදාදා (නොවැ: 20) නවසීලන්ත වේලාවෙන් පස්වරු 3.30ට පමණ සිදුවූ එම සිද්ධිය දැක තිබුණේ, අසල නවතා තිබූ හෙලිකොප්ටර් යානයක නියමුවෙකි.

"එමිරේට්ස් ගුවන් යානය කුණාටුව අවසන් වන තෙක් බලා සිටියා" එමිරේට්ස් ගුවන් යානය ෆෙස්බුක් පණිවුඩයකින් දන්වා තිබිණි.

නවසීලන්තයේ MetService ආයතනය ක්‍රයිස්ට්චර්ච් ප්‍රදේශය ආශ්‍රිතව අකුණු සැර ඇති වීමේ අවදානමක් ඇති බවට අනතුරු ඇගවීමක් නිකුත් කර තිබිණි.

ක්‍රයිස්ට්චර්ච් නගර සභාව වාර්තා කළේ, කැන්ටබරි ප්‍රදේශය ආශ්‍රිතව දැඩි කුණාටු සහිත කාලගුණයක් පැවති බවය.

(BBC)

Rate this item
(0 votes)
Last modified on Friday, 22 November 2019 14:49