April 24, 2024

පාකිස්ථානය මානව හිමිකම් ක්‍රියාකාරිනිය ශ්‍රී ලංකාව හරහා අමෙරිකාවට පලා යයි

September 21, 2019

පාකිස්ථානයේ ප්‍රබල මානව හිමිකම් ක්‍රියාකාරිනයක් වු ගුලාලෙයි ස්මයිල් මාස ගණනක් සැඟව සිටිමෙන් පසු අමෙරිකාවට රහසිගතව පලා ගොස් තිබේ.

"පසුගිය මාස කිහිප පීඩාකාරී. මට තර්ජනය කරා. කරදර කරා. මම පණ පිටින් සිටීමත් වාසනාවක්" යැයි ඇය නිව් යොර්ක් ටයිම්ස් පුවත්පතට පවසා තිබේ.

පාකිස්ථානයෙන් පිටමං වීම තහනම් කරන ලැයිස්තුවට ඇතුළත්ව සිටි ඇය පාකිස්ථානයෙන් පලා ගියේ කෙසේ දැයි හෙළි නොකළත් තමා ගුවන් තොටුපළෙන් නොපැමිණි බව පවසයි.

රාජ්‍ය විරෝධි කටයුතු හා ප්‍රචණ්ඩත්වය වර්ධන කිරීම ඇයට විරුද්ධව පාකිස්ථාන රජය එල්ල කරන චෝදනාවේ. 33 වැනි වියේ පසුවන ගුලාලෙයි අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ ඇයගේ නැගණියත් සමඟ සිටින අතර අමෙරිකාවේ දේශපාලන රැකවරණය බලාපොරොත්තු වෙයි.

ඇය අමෙරිකාවට පලා ගොස් ඇත්තේ නිදහස් ගමන් පහසුකම් උපයෝගී කරගෙන ශ්‍රී ලංකාව හරහා බව ඇය යුරෝප නිදහස් ගුවන් විදුලි සේවයට පවසා ඇත.

වයස අවුරුදු 16 දී රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ඒ හරහා පාකිස්ථාන ගැහුනු දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය උදෙසා සටන් කළ අතර 2013 දී 100කින් පමණ යුතු කණ්ඩායමක් නිර්මාණය කොට ගෘහස්ථ වදහිංසනයට අඩු වයසින් විවාහ වන දැරිවියන් මුහුණ දෙන ගැටලුවලට සහාය දීමට කටයුතු කරන ලදී. මේ සඳහා ඇයට සම්මාන පවා ලැබී තිබුණි.

2018 දී අත්අඩංගුවට පත් වූ ඇය පසුගිය මැයි මස 10 හැවිදිරි දැරියක් දූෂණය කොට මරා දැමීම එරෙහිව විරෝධතාවයක් සංවිධානය කරන ලදී. එය රාජ්‍යයට හා සුළු ජාතීන්ට එරෙහිව කරන ලද්දක් බවට පාකිස්ථාන රජය ඇයට චෝදනා කරන ලදී. එදා පටන් අමෙරිකාවට පලා යන තෙක්ම ඇය සඟවී ජීවත් විය.

Rate this item
(1 Vote)