යේමනයේ හුටු මුස්ලිම්වරුන් ඩ්‍රෝන් මිසයිල යොදා ගනිමින් සෞදි අරාබියාවේ විශාලම ඛනිජ තෙල් පිරිපහදුව වන සෞදි ඇරම්කෝවට එල්ල කළ ප්‍රහාරය හමුවේ ලෝක බොරතෙල් මිල ගණන් 19% කින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ලෝක බොර තෙල් මිල ඇ.ඩො. 71 දක්වා ඉහළ ගොස් ඇත.
පසුගිය මාස 4 තුළ ලෝක බොරතෙල් මිල වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගිය අවස්ථාව මෙයයි.
මේ ප්‍රහාරයත් සමඟ ලෝක තෙල් සැපයීම 5% කින් ඇණ හිට තිබේ. ඒ ලෝකයේ ප්‍රධාන පෙළේ බොරතෙල් ව්‍යාපාර කරන සමාගමක් වන සෞදි ඇරම්කෝව විසින් දෛනිකව නිෂ්පාදනය කරන තෙල් බැරල් ලක්ෂ 57ක් කපා හැරීමත් සමඟය.