March 29, 2024

ට්‍රම්ප් සිය ආරක්ෂක උපදේශකයාව ගෙදර යවයි

September 12, 2019

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ආරක්ෂක කටයුතු උපදේශක ජෝන් බෝල්ටන්ව ධූරයෙන් නෙරපා තිබේ.

මෙම තනතුර ඇමරිකානු රජයේ බලවත්ම තනතුරු වලින් එකකි.

ඉරානය සහ ඇෆ්ගනිස්ථානය මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර ප්‍රශ්න පිළිබඳව ට්‍රම්ප් දරන මතයට ප්‍රතිවිරුද්ධ මතයක් බෝල්ටන් දැරීම ඔහුව එම ධුරයෙන් ඉවත් කිරීමට හේතු වී තිබේ.

"මම ජෝන් බෝල්ටන්ට කිව්වා ඔහුගේ සේවය තව දුරටත් අවශ්‍ය නැති බව. මම බොහෝ ප්‍රශ්න පිලිබඳ ඔහු දරන මතය තදින්ම ප්‍රතික්ෂේප කරනවා" ට්‍රම්ප් තමන් ගත් තීන්දුව පිලිබඳ ටුවිටර් පණිවිඩයක් මඟින් කරුණු දක්වා තිබේ.

රාජ්‍ය ලේකම් මයික් පොම්පේ හා බෝල්ටන් අතර මිට මාසයකට පමණ පෙර පරස්පර මත ඇති වීම නිසා ප්‍රශ්න ද ඇති විය. පොම්පේ විසින් ජනාධිපති ට්‍රම්ප්ව උතුරු කොරියාව සහ ඉරානය සම්බන්ධයෙන් දැඩි මතයක් දැරීම දක්වා තල්ලු කර තිබෙන බවටද වාර්තා වේ.

විදේශ කටයුතු විශේෂඥයෙකු සේ ප්‍රකට බෝල්ටන්, රොනල් රේගන් හා ජෝජ් ඩබ්ලිව් බුෂ් පාලන සම වලදී කැපී පෙනෙන මෙහෙවරක් කල අතර ජෝජ් ඩබ්ලිව් බුෂ් විසින් ඔහුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු තානාපතිවරයා ලෙස ද පත් කරන ලදී.

පසුගිය වකවානුව පුරාවටම ට්‍රම්ප් විසින් ඇමරිකානු රජයේ ප්‍රබල තනතුරු දරන්නන් මේ ආකාරයට ඉවත් කරනු ලැබීම දක්නට ලැබිණි.

(aljazeera)

Rate this item
(0 votes)