March 29, 2024

"අපිව චීනයෙන් නිදහස් කරගන්න" - හොංකොං වැසියන්ගෙන් ට්‍රම්ප්ට ආයාචනයක්

September 09, 2019

චීන පාලනයට එරෙහිව අඛණ්ඩව 14 වන සතියටත් පැවැත්වෙන හොංකොං විරෝධතා වලදී සිය දේශය චීනයෙන් බේරා ගැනීමට මැදිහත් වන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කරන පුවරු විරෝධතාකරුවන් විසින් ප්‍රදර්ශනය කර තිබේ.

විරෝධතාකරුවන් හොංකොංහි පිහිටි ඇමරිකානු කොන්සර් කාර්යාලය වෙත පාගමනින් ගොස් ඇමරිකානු ධජය ඔසවමින් ජාතික ගීයද ගායනා කරමින් මෙම ඉල්ලීම කර තිබේ.

එහිදී හොංකොං දේශය චීනයෙන් නිදහස් කර දෙන ලෙස ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් විරෝධතාකරුවන් ඉල්ලීමක් කර තිබේ.

හොංකොං හි මානව හිමිකම් හා ප්‍රජාත්‍රන්තවාදය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වූ පනතක් ඇමරිකානු කොංග්‍රසයේදී සම්මත කර ගන්නා ලෙස විරෝධතාකරුවන් ඉල්ලීමක් කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු ලබන සතියේ සිදු කිරීමට ඇමරිකානු ඩෙමොක්රැටික් පක්ෂ සෙනෙට් මන්ත්‍රීවරු මේ වන විට පියවර ගනිමින් සිටියි.

තමන්ගේ කටයුතු වලට මැදිහත් නොවන ලෙස චීනය අන් රටවලට අනතුරු අඟවයි. 

බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ හොංකොං දේශය 1991 දී චීනයට පැවරුණු අතර එහිදී ඇති වූ එකඟතාවලට අනුව හොංකොං හි පාලන කටයුතු එහි වැසියන්ගේ පරමාධිපත්‍ය කැමැත්තට අනුව කරගෙන යාමට එකඟ වී තිබිණි. ඒ අනුව "එක රටක් පාලන ක්‍රම දෙකක්" යන  තේමාව යට‍තේ හොංකොං දේශයේ කටයුතු සිදු වුවද මේ වන විට හොංකොං හි කටයුතු චීන පාලනයට සෘජුවම යටත් කිරීමට චීන බලධාරීන් උත්සාහ ගනිමින් සිටියි.

මෙම විරෝධතාවලට මුලින්ම පදනම වුයේ හොංකොං වැසියන් චීන අධිකරණ හමුවට කැඳවා නඩු විභාග කිරීමට චීන රජය ගත් තීරණයයි.

හොංකොං දේශය ආසියාවේ ආර්ථික මරමස්ථානයක් සේ සැලකෙයි.

Rate this item
(0 votes)