April 25, 2024

ධිවර ජනතාව නංවන්නට මහජන බැංකුවේ අස්වැන්න ණය කල්පිටියේදී පිරිනැමේ

රජයේ සංවර්ධන වැඩපිළිවෙලට සමගාමීව යළි ස්වයංපෝෂිත රටක් බිහිකිරීමේ සරු බලාපොරොත්තුව වෙනුවෙන් මහජන බැංකුව හඳුන්වා දී ඇති අස්වැන්න ණය පහසුකම් පිරිනැමීම පසුගියදා කල්පිටිය, කන්දකුලිය, කුඩාව වෙරළ තීරයේදි මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මේ යටතේ විශේෂයෙන් ධීවර කර්මාන්තය සඳහා බහුදින යාත්‍රා සහ එක්දින යාත්‍රා මිලදී ගැනීමටල දැල් ආම්පන්න ඇතුඵ වෙනත් ආම්පන්න මිලදී ගැනීමට මෙන්ම අයිස් නිෂ්පාදන කර්මාන්තයට අදාළ ණය මුදල් පිරිනැමිණි. මීට අමතරව කාන්තා ව්‍යවසායිකාවන් බලගැන්වීමේ අරමුණින් මහජන බැංකුව හඳුන්වා දී ඇති වනිතා සවිය ණය පහසුකම්ද මෙදින ගනුදෙනුකාරිනියන් වෙත පිරිනැමිණි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) ක්‍රිෂානි නාරංගොඩ, සහකාර සාමාන්‍යාධිකාරි (සුඵ හා මධ්‍ය පරිමාණ) වික්‍රම නාරායන, සහකාර සාමාන්‍යාධිකාරිනි (සංවර්ධන මූල්‍ය) යූ.එස් ගර්ටි, සහකාර සාමාන්‍යාධිකාරි (අලෙවිකරණ) ඒගයුගඒ අන්සාර්, පුත්තලම ප්‍රාදේශිය කළමනාකාර ලාල් පීරිස් යන මහත්ම මහත්මීන් ඇතුඵ පිරිසක් සහභාගි විය.

Rate this item
(0 votes)