April 16, 2024

මහජන බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ලෙස රංජිත් කොඩිතුවක්කු මහතා වැඩ භාරගනී

මහජන බැංකුවේ 17 වැනි ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ලෙස රංජිත් කොඩිතුවක්කු මහතා මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදි පසුගියදා සුබ මොහොතින් වැඩ භාරගන්නා ලදි.

දශක හතරකට ආසන්න කාලයක් මුළුල්ලේ පුළුල් පරාසයක පැතිරුණු ක්ෂේත්‍රයන් රැසක හසළ අත්දැකීම් රැසක් රංජිත් කොඩිතුවක්කු මහතා සතුව පවතී. ඔහුගේ අත්දැකීම් පුද්ගල කේන්ද්‍රිය බැංකුකරණය, වාණිජ බැංකුකරණය, ආයතනික බැංකුකරණය, අක්වෙරළ බැංකුකරණය, ශාඛා බැංකුකරණය, ජාත්‍යන්තර බැංකුකරණය, ව්‍යාපෘති අරමුදල් සම්පාදනය, අයකිරීම් සහ ඩිජිටල්කරණය ආදි ක්ෂේත්‍රයන් රැසක් පුරා විහිදේ.

ඔහු පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී, සී/ස ලංකා එලායන්ස් මූල්‍ය සමාගම(බංග්ලාදේශය), ප්‍රාදේශීය සංවර්ධන බැංකුවල සී/ස ලංකා මූල්‍ය ඔම්බුඩ්ස්මන් (ගරන්ටි) ලිමිටඩ් ශ්‍රී ලංකාවේ ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, ශ්‍රී ලංකා මූල්‍ය සේවා කාර්යංශයේ විකල්ප අධ්‍යක්ෂවරයෙකු ලෙසත් කටයුතු කරයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනපති (මූල්‍ය - විශේෂ) උපාධිධරයෙකු වන රංජිත් කොඩිතුවක්කු මහතා එක්සත් රාජධානියේ නිව් බර්කින්ග්හැම්ෂයර් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳව ගෞරව උපාධිධාරියෙකු වේ. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයෙහි ආශ්‍රීත සාමාජිකයෙකි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 October 2020 13:21