April 24, 2024

Prime Grand, Ward Place වෙතින් පෞද්ගලිකත්වය පිළිබඳ සහතිකයක්

November 08, 2019

මෙරට දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ අද්විතීය නාමය වන ප්‍රයිම් සමූහය කොළඹ 7, වෝඩ් පෙදෙසෙ හි ඉදිකරන  Prime Grand, Ward Place නිවාස ව්‍යාපෘතිය පෞද්ගලිකත්වය සුරැකීම අතින් ඉහළම අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියයි. එමෙන්ම වෝඩ් පෙදෙසෙ හි ඉදිවන උසම නිවාස ව්‍යාපෘතිය මෙය වන නිසා බාධා රහිතව හාත්පස නැරඹීමේ සහ අතිශය පෞද්ගලික දිවි පෙවෙතක් ගත කිරීමේ අවස්ථාව ද මෙහිදී හිමිවනු ඇත. වර්තමානයේ ස්මාර්ට්ෆෝන් බහුලවම භාවිත වන අතර සෑම ගොඩනැගිල්ලකම පාහේ  ආරක්ෂිත කැමරා  සවිකර තිබේ. මේ හේතුවෙන් වත්මන් සමාජයේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම බරපතල ලෙස අභියෝගයට ලක්ව ඇති කරුණකි.  මෙම අභි‍යෝගාත්මක තත්වය පිළිබඳව දැඩි අවධානය යොමු කරමින් Prime Grand, Ward Place නිවාස ව්‍යාපෘතිය  පෞද්ගලිකත්වය පිළිබද වැඩි අවධානයක් යොමු කරමින් නිර්මාණය කර තිබේ.

මහල් රැසකින් සමන්විත අනිකුත් නිවාස සංකීර්ණ වර්තමානයේ මුහුණ දී ඇති ප්‍රධාන අභියෝගය වන්නේ පෞද්ගලිකත්වයයි. එකම නිවාස සංකීර්ණයක ජීවත් වන නිවැසියන්ට අනිකුත් නිවාස වල නිවැසියන් සහ අමුත්තන් එකිනෙකා මුණ ගැසීම පෞද්ගලිකත්වය කෙරෙහි ඇති දැඩි අභියෝගයකි.  මේ නිසා බොහෝ අවස්ථාවල තම පවුලේ සාමාජිකයින් සමඟ හිතවතුන් සමඟ නිදහසේ කාලය ගත කිරීමට ඇති අවකාශ ඉතා සීමිත වී තිබේ. මෙම ගැටළුව පැහැදිලිව හඳුනාගනිමින් ඊට ප්‍රායෝගික විසඳුම් සහිතව Prime Grand, Ward Place නිර්මාණය කර ඇති අතර මෙහි බැල්කනි පවා නිර්මාණය කෙරෙන්නේ අදාල නිවසෙහි නිවැසියන් වෙනත් නිවසක අයට ඇස  නොගැසෙන ආකාරයට ය. එකම කුළුණක වෙනස් කොටස් දෙකක් ලෙස මෙම නිවාස සංකීර්ණය ඉදිකිරීමෙන් තහවුරු වන්නේ මෙම පෞද්ගලිකත්වය සඳහා දී ඇති පුමුඛතාවයයි. මීට අමතරව වර්තමානයේ දී මෙන්ම ඉදිරි වසර කිහිපය පුරාවට ද  කොළඹ 7 හි ඉදිකරන උසින් වැඩි එකම ගොඩනැගිල්ල ලෙස ඉඩම් අක්කරයක වපසරියක් පුරා පැතිරී ඇති Prime Grand, Ward Place හැදින්විය හැකිය.

Prime Grand, Ward Place අධි සුඛෝපභෝගී  නිවාස සංකීර්ණය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රයිම් සමූහයේ සභාපති බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා කියා සිටියේ  ප්‍රජාව සමඟ සම්බන්ධ වෙමින්  තනි නිවාස වල ජීවත් වීම ශ්‍රී ලාංකික ජන සමාජය තුළ කැපී පෙනෙන ලක්ෂණයක්  බවයි. එහෙත් වත්මන් නිවාස අවශ්‍යතා සපුරමින් ඉදිවන  අනිකුත් නිවාස සකීර්ණ  තුළින් එම සමාජ අවශ්‍යතාව නිරූපණය නොවන බව හෙතෙම පෙන්වා දෙයි. මේ නිසා මීට විසඳුමක් ලෙස ශ්‍රී ලාංකේය ජන අනන්‍යතාව සුරකිමින් මෙරට ඉදිවන පෞද්ගලිකත්වය අතින් ඉහළම නිවාස ව්‍යාපෘතිය ලෙස Prime Grand, Ward Place හැඳින්විය හැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේය. මෙම නිවාස ව්‍යාපෘතිය සැලසුම් කිරීමේදී ඊට අවේණික ක්‍රමෝපාය රැසක් පදනම් කර ගත් බව පෙන්වා දෙන ඒ මහතා කියා සිටියේ මෙහි නිවාස දෙකක් අතර වන බිත්ති  ඉදිකර ඇත්තේ විශාල හිඩැසක් තබමින් බව පෙන්වා දුන්නේය.  යාබද නිවාසවලට ශබ්දය ඇසිම වැලැක්වීම මෙහි අරමුණ බව හෙතෙම  සඳහන් කරයි. එමෙන්ම විදුලි සෝපාන සැලසුම් කිරීමේ දී ද පෞද්ගලිකත්වය පදනම් කරගත් ක්‍රමෝපායක් භාවිත කිරීමට කටයුතු කළ බව පවසන ප්‍රයිම් සමූහයේ සභාපති වරයා කියා සිටියේ විදුලි සෝපාන භාවිත කිරීමේදී පවා වෙනත් නිවසක නිවැසියෙකුට  ඇස නොගැසෙන ආකාරයට  සෝපානය භාවිත කිරීමට හැකියාව ඇති පරිදි  Prime Grand, Ward Place නිර්මාණය කර ඇති බවයි. කොළඹ 7 , වෝඩ් පෙදෙසෙහි ගෞරවනීය ලිපිනයක් සහ සුපිරි ජීවන රටාවක් අපේක්ෂා කරන සැම වෙනුවෙන් 100%ක් නිවැසියන්ගේ ආධිපත්‍යයට නතු වූ  පෞද්ගලිකත්වය උපරිමව ඇති මෙම නිවාස සංකීර්ණය නිර්මාණය කළ බව ඒ මහතා පැවසීය. විවේකය සහ විනෝදය සඳහා  වර්ග අඩි 40,000කට අධික ඉතා  පුළුල් අවකාශයක් මෙහි වෙන් කර ඇති අතර එම ප්‍රමාණය සම්පූර්ණයෙන්ම මෙහි නිවාස 332 ක නිවැසියන් සඳහාම වෙන්වන බව ප්‍රේමලාල් මහතා පෙන්වා දුන්නේය.

Prime Grand, Ward Place හි විදුලි සෝපාන පද්ධතිය ලොව ප්‍රමුඛ උසස් තාක්ෂණයේ ආරක්ෂක ක්‍රමෝපාය රැසකින් සමන්විත වන අතර පිවිසුම් පාලන කාඩ්පත් පද්ධතියක් (access control card systems) එහි ක්‍රියාත්මක වෙයි. මෙමගින් නිවැසියෙකුට හෝ අමුත්තකුට පිවිසිය හැකි වන්නේ තමන් අපේක්ෂා කරන හෝ ඔවුන්ට අයත් නිවස පිහිටි මහල වෙත  සහ විනෝදාත්මක සහ ක්‍රීඩා පහසුකම් සහිත 5වන මහල සහ 32 වන මහල දක්වා පමණි. විදුලි සෝපාන වල පිවිසුම ද නිර්මාණය කොට ඇත්තේ අනිකුත් නිවාසවල පිවිසුම් දොරටු  හෝ වෙනත් සෝපානයකින් පැමිණෙන්නන් හෝ එකිනෙකා මුණ නොගැසෙන ආකාරයට ය. එමෙන්ම මෙහි නිවැසියන්ට තමන්  හමුවට  පැමිණෙන අමුත්තන්   video-door phone system ඔස්සේ නැරඹිය හැකි ‍ වෙයි. මෙවැනි විශේෂතා නිසා Prime Grand, Ward Place නිවාස ව්‍යාපෘතිය අනිකුත් නිවාස ව්‍යාපෘති වලට වඩා පෞද්ගලිකත්වය ප්‍රමුඛ කර ගත් නිවාස ව්‍යාපෘතියක් වෙයි. මීට අමතරව සෑම නිවාස දෙකක බිත්ති දෙකක් අතර යම් ඉඩ පරාසයක් තබා මෙම නිවාස නිර්මාණය කර තිබීම නිසා එක් නිවසක ශබ්දය අනික් නිවසට ඇසීම වැළකෙයි.  මෙම බිත්ති අතර පවතින ඉඩ පරාසයන් නිසා ඇති තවත් වාසියක් වන්නේ සෑම නිවාස ඒකකයකටම  හිරු එළිය සහ නැවුම් සුළඟ විඳිය හැකි ආකාරයට ඒවා නිර්මාණය කර තිබීමයි.

Prime Grand, Ward Place හි ඉදිකිරීම් මාගා ඉංජිනියරින් විසින් සිදුකරන අතර ලොව ප්‍රමුඛ සම්මානලාභී  අභ්‍යන්තර නිවාස අලංකරණ ශිල්පි‍යෙකු වන බෙන්ටියෝ‍ ජිනීවා (Benteo Geneva) ගේ ප්‍රමුඛත්වයෙන් යුතු සිංගප්පූරුවේ පිහිටි ප්‍රමුඛතම අභ්‍යන්තර නිවාස අලංකරණ ආයතනයක් වන  IIDA International විසින් මෙහි අභ්‍යන්තර අලංකරණය  සිදුකරනු ලබයි. විශේෂයෙන්ම The Duplex Penthouse සහ  The  Executive Suites යන නිවාස ඒකක  ජාත්‍යන්තර ඉදිකිරීම් තාක්ෂණයේ නවීන තාක්ෂණික අංග රැසකින් සමන්විත වෙයි. ඒ අතර  රහස්‍ය අංකයක් සහිත ස්මාර්ට් දොරගුළු පද්ධතිය (smart door locks) ආදිය විශේෂ වෙයි.

මීට අමතරව සුපිරි නිමාවක් සහිත සුඛෝපභෝගී උපාංග රැසකින් සමන්විත මෙම නිවාස ව්‍යාපෘතිය තවදුරටත් සුවිශේෂී වන්නේ  සමස්ථ නිවාස ඒකක 332 හි නිවැසියන්ට ප්‍රමාණවත් වන පරිදි  වර්ග අඩි 40,000කට අධික වපසරියක් පුරා  පැතිරුණු විනෝදාත්මක සහ ක්‍රීඩා පරිශ්‍රය හේතුවෙනි. ලොව හොඳම සන්නාම වලින් යුතු උපකරණ වලින් සමන්විත කාය වර්ධන මධ්‍යස්ථානය,  මීටර් 36ක් දිග පිහිනුම් තටාකය, දරුවන් සඳහා වන පිහිනුම් තටාකය සහ දරුවන්ට ක්‍රීඩා කිරීමට ඇති පුළුල් අවකාශය මෙන්‍ම ජාත්‍යන්තර මට්ටමේ සම්බාහන පහසුකම්, බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයක්, උත්සව ශාලාවක් සහ සාප්පු සංකීර්ණ මෙන්ම දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ආදී අංග ද පිහිටා තිබේ.  මෙහි  32 වන  මහල එනම් මීටර් 125කට වඩා ඉහළින් තවත් පිහිනුම් තටාකයක් පිහිටා තිබේ. මීටර් 71 ක දිගකින් යුතු  මෙම පිහිනුම් තටාකය  ශ්‍රී ලංකාවේ වඩා උසින්ම පිහිටි එකම විවෘත පිහිනුම් තටාකය වෙයි. මෙම පිහිනුම් තටාකයට හිරු නැගීම සහ හිරු බැසීම එක ලෙස දර්ශනය වෙයි. එම මහලේම  අවන්හල් ආදි පහසුකම් පිහිටා තිබීම මෙහි ඇති තවත් විශේෂතාවයකි. මේ නිසා Prime Grand, Ward Place හි නිවැසියන්ට සිය පෞද්ගලිකත්වය උපරිම ව රැකගනිමින් නිදහස් සුවපහසු  සුපිරි ජීවිතයක් ගත කිරීමට අවකාශ සැලසෙයි.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වසර 24 ක විශේෂඥ පළපුරුද්දක් සහිත ප්‍රයිම් සමූහ ව්‍යාපාරය මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛයා ද වෙයි. “මිහිකතෙන් හොඳම තැනක්" යන්න තේමා කරගනිමින් සිය පාරිභෝගික ජනතාව වෙත උසස් සේවාවක් සපයමින් ප්‍රයිම් සමූහය විසින් ගොඩනගාගෙන ඇති විශ්වාසය ඔස්සේ  “ශ්‍රී ලංකාවේ  හොඳම ඉදිකිරීම් සමාගම” ලෙස  Property Guru Asia වෙතින් සම්මාන හිමිකර ගැනීමටද ප්‍රයිම් සමූහය සමත්ව තිබේ. මීට අමතරව LMD සඟරාව  විසින් 2019 වසරේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ "වඩා ගෞරවනීය සන්නාමය" ලෙස නම් කරනු ලැබුවේද ප්‍රයිම් සන්නාමයයි. තවද අඛණ්ඩව වසර 5ක් තිස්සේ "මෙරට සේවය කිරීමට සුදුසුම සේවා ස්ථානය" ලෙස සම්මාන හිමිකරගැනීමට ද ප්‍රයිම් සමූහය සමත්වී තිබේ. මෙම ඇගයීම් තුළින් ප්‍රයිම් සමූහය ලත් දිරිගැන්වීමේ විශිෂ්ඨතම ප්‍රතිඵලයක් ලෙස 2021 වසරේ විවෘත වන ප්‍රයිම් ග්‍රෑන්ඩ් සුපිරි නිවාස සංකීර්ණය හැඳින්විය හැක.

Rate this item
(0 votes)
Last modified on Friday, 08 November 2019 11:45