March 29, 2024

Prime Grand, Ward Place අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් මාස 3ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළදාම් සමාගම වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සිය නවතම අධි සුඛෝපභෝගී ව්‍යාපෘතිය ලෙස කොළඹ 7,  වෝඩ් පෙදෙසහි ඉදිකරන ප්‍රයිම් ග්‍රෑන්ඩ් නිවාස සංකීර්ණයේ 28 වන මහලේ ඉදිකිරීම් අරඹයි. මහල් 37 කින් යුතු මෙම නිවාස සංකීර්ණයේ 28 වන මහලේ සිට  විධායක මට්ටමේ නිවාස ඒ්කක ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරන මාගා ඉංජිනියරින් සමාගම සඳහන් කර ඇත්තේ නියමිත කාලයට වඩා මාස 3ක් ඉදිරියෙන් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවන බවයි. වසර ගණනාවක් පුරා මෙරට දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ ප්‍රයිම් සන්නාමය තබා  ඇති කීර්තිමත් භාවය තවදුරටත් තහවුරු කරමින් ඉදිකෙරෙන ප්‍රයිම් ග්‍රෑන්ඩ් වෝඩ් පෙදෙස අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය 2021 වසරේ දෙසැම්බර් මාසයේ විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වඩාත්ම කීර්තිමත් ලිපිනයක් වන අංක 64, වෝඩ් පෙදෙස , කොළඹ 7 යන ලිපිනය හිමිකර ගැනීමට උදාවන දුර්ලභ  අවස්ථාවක් ලෙස මෙම ප්‍රයිම් ග්‍රෑන්ඩ් අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණය හැඳින්විය හැක. අක්කරයක පමණ භූමියක ඉදිවන  මහල් 37 කින් සමන්විත මෙම නිවාස සංකීර්ණය කොළඹ 7 හි  ඉදිවන උසම නිවාස සංකීර්ණය ලෙස හැඳින්විය හැකිය. මේ නිසා කිසිදු බාධාවකින් තොරව හාත්පස පරිසරය නැරඹීමේ හැකියාව මෙන්ම පෞද්ගලිකත්වය අතින් ප්‍රමුඛ තැනක් ප්‍රයිම් ග්‍රෑන්ඩ් වෙත හිමිවෙයි. ‍ මෙරට පාලනය කළ ප්‍රමුඛතම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙකු වන ශ්‍රීමත් හෙන්රි ජෝර්ජ් වෝඩ් නමින් නම් කර ඇති වෝඩ් පෙදෙස ඉතිහාසයේ පටන් මේ දක්වා මෙරට බොහෝ ගෞරවනීය පුද්ගලයින් වාසය කළ, වාසය කරන ප්‍රමුඛතම ප්‍රදේශයකි.

මෙම නවතම අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය  පිළිබඳව අදහස් දැක්වූ ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සභාපති බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා  සඳහන් කළේ මෙරට ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගම ලෙස  ප්‍රයිම් සමූහය දරණ කිරුළෙහි මාණික්‍යය ලෙස ප්‍රයිම් ග්‍රෑන්ඩ් හැඳින්විය හැකි බවයි. නිවාස හා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රයිම් සන්නාමය ලබා ඇති විශේෂඥභාවය මෙම අති සුඛෝපභෝගී නිවාස සංකීරණය තුළින් තවදුරටත්  තහවුරු කෙරෙන බව ඒ මහතාගේ අදහසයි.  නිර්මාණශීලීත්වය, අභ්‍යන්තර නිමාව සහ ලිපිනයෙහි සුවිශේෂී බව යන කරුණු නිසා ප්‍රයිම් ග්‍රෑන්ඩ් වෝඩ් පෙදෙස අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය සුවිශේෂි වන බවත් ඉහළ පෙළේ සුපිරි ජීවන රටාවකට අවශ්‍ය සියලු පහසුකම් වලින් එය සමන්විත වන බවත් ඒ් මහතා සඳහන් කළේය. පුද්ගලිකත්වය උපරිම අකාර‍යෙන් ආරක්ෂා කිරීම ප්‍රධාන තේමාවක් කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව පෙන්වා දුන් ප්‍රේමලාල් මහතා වැඩිදුරටත් පැවසුවේ මෙහි ඇති විදුලි සෝපාන පද්ධතිය පවා සැලසුම් කර ඇත්තේ එකිනෙකාගේ  පුද්ගලිකත්වය උපරිම ආකාරයට ආරක්ෂා වන පරිදි බවයි. ලොව උසස්තම ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මෙන්ම සුපිරිතම අභ්‍යන්තර නිවාස අලංකරණ සැලසුමක් සහිතව සහ මනරම් ලෙස හාත්පස දර්ශනය වන ආකාරයට මෙම ප්‍රයිම් ග්‍රෑන්ඩ් වෝඩ් පෙදෙස නිවාස සංකීර්ණය ඉදිකෙරෙන බවද හෙතෙම අවධාරණය කළේය.

ප්‍රයිම් ග්‍රෑන්ඩ් හි  නිවාස ඒකක නිදන කාමර දෙක, නිදන කාමර හතර සහ සුපිරි නිවාස ආදී වශයෙන් වර්ග කර ඇති අතර පාරිභෝගික කැමැත්ත පරිදි ඒවා තෝරා ගැනීමේ හැකියාව පවතී.  මහල් 3ක් පුරා ව්‍යාප්තව පවතින ද්විත්ව උසැති (double height) රථ ගාල සහ   විනෝදාත්මක සහ අනිකුත් උත්සව ආදී ක්‍රියාකාරකම් සඳහා ඇතුළත සහ බාහිර ආවරණය වන අකාරයට වෙන්කළ වර්ග අඩි 40,000ක් ඉඩ පරාසය අතින් ගත් කළ මෙම සුපිරි නිවාස සංකීර්ණය සුවිශේෂි වෙයි. ජාත්‍යන්තර  සම්මානලාභී

අභ්‍යන්තර නිවාස අලංකරණ ශිල්පි‍යෙකු වන බෙන්ටියෝ‍ ජිනීවා (Benteo Geneva) ගේ ප්‍රමුඛත්වයෙන් යුතු සිංගප්පූරුවේ පිහිටි ප්‍රමුඛතම අභ්‍යන්තර නිවාස අලංකරණ ආයතනයක් වන  IIDA International විසින් මෙහි ඇතුළත නිර්මාණය සිදුකර ඇති අතර ඉතා උසස් ආකාරයට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්තව, කාමර, විසිත්ත කාමර , මුළුතැන්ගෙයි  ආදී මෙහි  සියලු අංග නිර්මාණය කර තිබේ. නිවැසියන්ගේ ආරක්ෂාව සඳහා ද ලොව නවතම තාක්ෂණික ක්‍රමවේද භාවිත කර ඇති අතර රහස්‍ය අංකයක් සහිත ස්මාර්ට් දොර අගුළු පද්ධතියක් (smart door locks)මෙහි ස්ථාපිත කර තිබේ. විදුලි සෝපානයද ස්වංක්‍රීය තාක්ෂණික ක්‍රමවේදයකින් සමන්විත වන නිසා නිවැසියන්ගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කර තිබීම විශේෂත්වයකි. සෑම නිවසකටම අවම වශයෙන් වාහන දෙකක් නවතා තැබිය හැකි අවකාශයක් රථ ගාල තුල වෙන් කර තිබේ. මෙහි රථ ගාල ද විදුලි වාහන ආරෝපණය කිරීමේ පහසුකම් ආදී සියලු පහසුකම් වලින් සමන්විත වෙයි.

නිවැසියන්ගේ පෞද්ගලිකත්වය සදහා විශේෂ අවස්ථාවක් සලසා ඇති ප්‍රමුඛතම නිවාස ව්‍යාපෘතියක් ලෙස ප්‍රයිම් ග්‍රෑන්ඩ් හැදින්විය හැකි අතර පුද්ගලික සෝපාන ලොබි පහසුකම් (private lift lobbies), සහ නිවාස දෙකක් තනි බිත්තියකින් වෙන් කරනු වෙනුවට  ඉඩ පරාසයක් සහිතව බිත්ති ඉදිකිරිම ආදී සුවිශේෂි විධිවිධාන සහිත මෙරට ප්‍රථම හා එකම නිවාස සංකීර්ණය වන්නේ මෙම ප්‍රයිම් ග්‍රෑන්ඩ් නිවාස ව්‍යාපෘතියි. එමෙන්ම මෙහි ඇති පාලනය කළ පිවිසුම් සහිත සෝපාන පද්ධතිය (access controlled elevators)නිසා නිවැසියන්ට අනිකුත් නිවාස සහිත මහල් වලට නිකරුනේ පිවිසීම අවහිර කර තිබීම තවත් ආරක්ෂිත මෙන්ම පුද්ගලිකත්වය සුරකින පියවරකි. කොළඹ 7 පිහිටි උසම නිවාස සංකීර්ණය ලෙස ප්‍රයිම් ග්‍රෑන්ඩ්  හැඳින්විය හැක්කේ වර්තමාන නීති හා රෙගුලාසි අනුව ඒ ආසන්න ප්‍රදේශයේ එය ඉක්මවා යන උසකින් යුතු  වෙනත් නිවාස සංකීර්ණයක් ඉදිකිරිමට ඇති අවකාශය අවම වීම නිසාය. මේ නිසා කිසිදු බාධාවකින් තොරව හාත්පස නැරඹිය හැකි,  නිදහස් හා  පුද්ගලිකත්වය උපරිම ආකාරයට ආරක්ෂාවන සුපිරි ජිවිතයක් ගත කිරීම සඳහා මෙම නිවාස සංකීර්ණය අතිශය වැදගත් වෙයි.

ප්‍රයිම් ග්‍රෑන්ඩ් හි 32 වන  මහලේ එනම් මීටර් 125කට වඩා ඉහළින් මීටර් 71 ක දිගකින් යුතු  පිහිනුම් තටාකයක් පිහිටා ඇති අතර එය ශ්‍රී ලංකාවේ වඩා උසින්ම පිහිටි එකම විවෘත පිහිනුම් තටාකය වෙයි. මෙම පිහිනුම් තටාකයට හිරු නැගීම සහ හිරු බැසීම එක ලෙස දර්ශනය වෙයි. එම මහලේම  අවන්හල් ආදි පහසුකම් පිහිටා තිබීම මෙහි ඇති තවත් විශේෂතාවයකි. මීට අමතරව ප්‍රයිම් ග්‍රෑන්ඩ් හි පස්වන මහලේ  මීටර් 36ක් දිග පිහිනුම් තටාකයක්, දරුවන් සඳහා වෙනම පිහිනුම් තටාකයක්  පිහිටා ඇති අතර කායවර්ධන මධ්‍යස්ථානයක්, ජාත්‍යන්තර මට්ටමේ සම්භාහන පහසුකම්, බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයක්, උත්සව ශාලාවක් සහ සාප්පු සංකීර්ණ මෙන්ම දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ආදී අංග ද පිහිටා තිබේ.

ප්‍රයිම් සමූහ ව්‍යාපාරය දේපළ ‍වෙළදාම් ක්ෂේත්‍රයේ ඇති සිය විශේෂඥතාව උපරිම ලෙස යොදාගනිමින් ප්‍රමිතිගත උසස් තත්වයේ සම්පත් භාවිත කරමින් මෙම ව්‍යාපෘතිය ඉදිකර තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා සහයෝගය සහ සම්පත් දායකත්වය දක්වන අනිකුත් සියලු පාර්ශව ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමුඛතම ආයතන වන අතර ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබන්නේ දේශිය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන මාගා ඉංජිනියරින් සමාගම විසිනි.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වසර 24 ක විශේෂඥ පළපුරුද්දක් සහිත ප්‍රයිම් සමූහ ව්‍යාපාරය මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛයා ද වෙයි. “මිහිකතෙන් හොඳම තැනක්" යන්න තේමා කරගනිමින් සිය පාරිභෝගික ජනතාව වෙත උසස් සේවාවක් සපයමින් ප්‍රයිම් සමූහය විසින් ගොඩනගාගෙන ඇති විශ්වාසය ඔස්සේ  “ශ්‍රී ලංකාවේ  හොඳම ඉදිකිරීම් සමාගම” ලෙස  Property Guru Asia වෙතින් සම්මාන හිමිකර ගැනීමටද ප්‍රයිම් සමූහය සමත්ව තිබේ. මීට අමතරව LMD සඟරාව  විසින් 2019 වසරේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ "වඩා ගෞරවනීය සන්නාමය" ලෙස නම් කරනු ලැබුවේද ප්‍රයිම් සන්නාමයයි. තවද අඛණ්ඩව වසර 5ක් තිස්සේ "මෙරට සේවය කිරීමට සුදුසුම සේවා ස්ථානය" ලෙස සම්මාන හිමිකරගැනීමට ද ප්‍රයිම් සමූහය සමත්වී තිබේ. මෙම ඇගයීම් තුළින් ප්‍රයිම් සමූහය ලත් දිරිගැන්වීමේ විශිෂ්ඨතම ප්‍රතිඵලයක් ලෙස 2021 වසරේ විවෘත වන ප්‍රයිම් ග්‍රෑන්ඩ් සුපිරි නිවාස සංකීර්ණය හැඳින්විය හැක.

Rate this item
(1 Vote)