April 25, 2024

vivo නව්‍ය දැක්මක් සහිතව වෙළඳපොළ තුළ ස්ථාවර වෙයි

September 30, 2019

අති නවීන ස්මාර්ට්‍ෆෝන් රැසක් සමඟ vivo මෙරට ස්මාර්ට්ෆෝන් වෙළඳපොළෙහි සිය ස්ථාවරත්වය තහවුරු කරයි. පෙර නොවූ විරූ ආකාරයේ නව්‍යතා රැසක් සහිත ස්මාර්ට්ෆෝන් පෙළක් හඳුන්වා දෙමින් මීළඟ වසර කිහිපය තුළ මෙරට ස්මාර්ට්ෆෝන් සංස්කෘතිය තුළ කැපී පෙනෙන වෙනසක් ඇති කිරීමට vivo අපේක්ෂා කරයි. අසමසම නිර්මාණශීලීත්වය හා තාක්ෂණය පාදක කර ගනිමින් මෙම ඉලක්කය ජය ගැනීම vivo හි අපේක්ෂාවයි.

චීනයේ ග්වෑන්ඩොන්ග් (Guangdong) ප්‍රාන්තයේ ඩොන්ගුවාන් (Dongguan) නගරය කේන්ද්‍රකරගනිමින් වර්ෂ 1995 දී පිහිටවූ vivo සමාගම චීන බහු ජාතික ප්‍රමුඛ ව්‍යාපාරයකි. මුලිකවම විදුලි සංදේශ , පාරිභෝගික ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන වලින් ඇරඹි vivo, ඉතා කෙටි කාලයක් තුළ ස්ථාවර දුරකථන සහ වයර්ලස් දුරකථන නිෂ්පාදනය දක්වා ව්‍යාප්ත විය. වසර 2011 දී ස්මාර්ට්ෆෝන් ව්‍යාපාරය වෙත යොමු වූ vivo මේ වනවිට අලෙවිය අතින් ලොව 5 වන ස්ථානයේ සිටින ප්‍රමුඛ ස්මාර්ට්ෆෝනයයි.

vivo ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි ‍කෙවින් ජියෑං මහතා සඳහන් කළේ නව ස්මාර්ට්ෆෝන් සඳහා වන ශ්‍රී ලාංකික තරුණ පරපුරේ අවශ්‍යතාව මැනවින් හදුනා ගනිමින් වසර 2017 දී vivo මෙරට ස්ථාපිත කළ බවයි. හඳුන්වාදුන් සමයේදී vivo ස්මාර්ට්ෆෝන් මෙරට වෙළඳපලට නව නිෂ්පාදනයක් වුවද මෙරට ස්මාර්ට්ෆෝන් පාරිභෝගිකයාගේ ස්වභාවය සහ වෙළඳපල ප්‍රවණතා සලකා බලමින් කෙටි කලක් තුළ වෙළඳපොළහි සාර්ථක වීමට vivo ස්මාර්ට්ෆෝනයට හැකිවූ බව හෙතෙම සඳහන් කළේය. මෙරට පාරිභෝගිකයා ස්මාර්ට්ෆෝනයකින් අපේක්ෂා කරන අවශ්‍යතා පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කරමින් ඒ පිළිබද මනාවැටහීමකින් කටයතු කිරීමට සිය සමාගම සූදානම් බවද හෙතෙම පෙන්වා දුන්නේය. ඒ අනුව නිරතුරුව වෙනස් වන අළුත් තාක්ෂණයට අනුකූල නව නිෂ්පාදන පෙළක් අඛණ්ඩව මෙරට වෙළදපලට හඳුන්වා දීමට කටයුතු කළ බවත් vivo ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි ‍කෙවින් ජියෑං මහතා පෙන්වා දුන්නේය.

මෙරට ව්‍යාපාර අරම්භයේ සිට මධ්‍ය සහ ඉහළ පරාසයේ ප්‍රමුඛ ස්මාර්ට්ෆෝන් පෙළක් වෙළඳපළට හඳුන්වා දුන් බව සදහන් කළ vivo ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරිවරයා පෙන්වා දුන්නේ vivo Y series, vivo V series සහ vivo S series ආදී වශයෙන් වන නිෂ්පාදන ඒ අතර වන බවයි. මෙම නිෂ්පාදන ඔස්සේ මෙරට පාරිභෝගිකයාට vivo හි උසස් තාක්ෂණය අත්විඳින්නට හැකිවූ බව ද හෙතෙම සදහන් කළේය. සිය ජාතික බෙදාහරින්නා වන අබාන්ස් පීඑල්සී හා එක්ව දිවයින පුරා පුළුල්ව විහිදුනු අලෙවි ජාලයක් ඔස්සේ vivo ස්මාර්ට්ෆෝන් අලෙවි කෙරෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙරට වෙළදපළට මෑතකදී හඳුන්වා දුන් නිෂ්පාදන පිළිබඳව අදහස් දැක්වූ කෙවින් ජියෑං මහතා සඳහන් කළේ 2019 අගෝස්තු මාසයෙදී vivo S1 ස්මාර්ට්ෆෝනය මෙරට වෙළදපළට හඳුන්වා දුන් බවයි. ඊට අමතරව 32MP AI Selfie කැමරා සහ AI Triple Rear කැමරා පහසුකම් වලින් යුතු vivo V15Pro, ස්මාර්ට්ෆෝනය 2019 මාර්තු මාසයේදී මෙරටට හඳන්වා දුන් අතර එහි triple rear camera 48MP (f/2.0) quad pixel sensor (effective 12MP), ආදි පහසුකම් මෙන්ම ඉදිරිපස සහ පසුපස කැමරා සියල්ල AI තාක්ෂණයෙන් යුක්ත වීම ආදී විශේෂතා රැසකි. තවද Bokeh Mode, Super Night Mode, සහ Face Beauty ආදි අංග වලින්ද මෙම ස්මාර්ට්ෆෝනය සමන්විත වෙයි. මෙම විශේෂතා සියල්ල නව යුගයේ පාරිභෝගික අවශ්‍යතා වලට අනුව සැකසුනු එවා බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

නිර්මාණශීලීත්වය සහ තාක්ෂණය යාකරන vivo තාක්ෂණික ප්‍රමුඛයින් බවට පත්වෙමින් වසර 2012 දී නිපදවූ X1 ස්මාර්ට්ෆෝනය ඉහළ අසමසම සංගීත රසවින්දනයක් ලැබිය හැකි Hi-Fi chip පහසුකම සහිතව නිපදවා තිබීම විශේෂත්වයකි. එතැන් සිට එම ආවේණික විශේෂත්වය සහිතව vivo ස්මාර්ට්ෆෝන් නිපදවෙන අතර තවදුරටත් නව විශේෂාංග ඇතුළත් කිරීම පිළිබඳ vivo දක්වන උනන්දුව පහත කරුණු වලින් පැහැදිලි වෙයි.

  • හදුන්වාදෙන අවස්ථාව වන විට ලොව තුනී ම ස්මාර්ට්ෆෝනය ලෙස X1, X3, සහ X5Ma හඳුන්වා දීම.
  • 24MP ඉදිරිපස කැමරා සහිත ලොව ප්‍රථම ස්මාර්ට්ෆෝනය ලෙස V7 සහ V7+ හඳුන්වා දීම.
  • Hi-Fi quality audio chip තාත්ෂණය ලොව මුල් වරට යොදා ගනිමින් X1 ස්මාර්ට්ෆෝනය හඳුන්වා දීම.
  • ලොව මුල්ම 20MP ද්විත්ව ඉදිරිපස කැමරා සහිතව ස්මාර්ට්ෆෝනය ලෙස V5Plus හඳුන්වා දීම.
  • 2k තිරයක් සහ DTS ශබ්ද පද්ධතියක් සහිත ප්‍රථම ස්මාර්ට්ෆෝනය ලෙස Xplay3S නිපදවීම.
  • MWC Shanghai 2017 හි දී කර්මාන්තයේ මුල් වරට vivo හඳුන්වා දුන් ඇඟිලි සළකුණු ස්කෑනරය ඇගයීමට ලක්වීම
  • CES 2018 හිදී ඇඟිලි සළකුණු තාක්ෂණයේ මීළඟ අදියර දියත් කෙරුණු අතර එම මාසයේදීම ලොව ප්‍රථම In-Display Fingerprint Scanning ස්මාර්ට්ෆෝනය චීනනයේදී හදුන්වා දීම.
  • 2018 පෙබරවාරි මාසයේදී vivo විසින් APEX FullView ස්මාර්ට්ෆෝනයක සංකල්පය හඳුන්වා දුන් අතර කැමරාව, සංගීත රසවින්දනය, සහ ඇඟිලි සළකුණු තාක්ෂණය ආදි නවාංග රැසක් සහිත සංකල්පයක් එහිදී ඉදිරිපත් විය.
  • 2018 ජුනි මාසයේදී vivo හා NEX එක්ව APEX FullView සංකල්පය යථාර්තයක් බවට පත් කරමින් Elevating Front Camera පහසුකම සහිත ලොව ප්‍රථම ස්මාර්ට්ෆෝනය හඳුන්වාදීමට සමත්විය.
  • MWC Shanghai 2018 හිදී ස්මාර්ට්ෆෝන් සඳහා ToF යෙදවුම ප්‍රදර්ශනය කිරීම.
  • 2018 සැප්තැම්බර් මාසයේදී Ultra FullView Display සහ second Lunar Ring Display සහිත පෙරළිකාර NEX Dual Screen ස්මාර්ට්ෆෝනය දියත් කිරීම.
  • 2019 ජනවාරි මාසයේදී 5G තාක්ෂණය හා සම්බන්ධ විය හැකි Full-Display Fingerprint Scanning සහිත vivo APEX 2019 දියත් කිරීම
  • Elevating Front Camera සහ In-Display Fingerprint Scanning තාක්ෂණය ඇතුළු තවත් විශේෂතා රැසක් සමඟ vivo V15 හඳුන්වා දීම.

  • 5G, Artificial Intelligence (AI) වැනි නව තාක්ෂණය පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සඳහා චීනයේ බෙයිජිං නුවර (Beijing) පර්යේෂණ ආයතනයක් ද vivo විසින් පිහිටුවා තිබේ. මෙම පර්යේෂණ ආයතන මඟින් විදුලි සංදේශ තාක්ෂණයේ නව අත්හදා බැලීම් රැසක් සිදුකෙරෙයි. මේ ඔස්සේ නවතම 5G තාක්ෂණය පිළිබඳ විප්ලවීය සොයාගැනීම් රැසක් සිදුකිරීමට vivo අපේක්ෂා කරන අතර සිය පාරිභෝගිකයින් වෙත 5G යුගයේ නවීන අත්දැකීමක් තිළිණ කිරීමට සැලසුම් කර තිබේ. 2018 වසරේ මැද භාගයේදී AI R&D පර්යේෂණ මධ්‍යස්ථාන vivo විසින් පිහිටවා ඇති අතර ඊට සමඟාමීව IoT පද්ධතියක්ද ස්ථාපනය කර තිබේ. 2018 වසරේ මැද භාගයේදී ස්මාර්ට්ෆෝන් සඳහා 5G තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් වාණිජමය පරීක්ෂණය vivo විසින් සිදුකළ අතර එය සිය පාරිභෝගිකයින් වෙත 5G තාක්ෂණය සැපයී‍මේදී මහත් ශක්තියක් වනු ඇත.

2011 සිට මේ දක්වා vivo ලොව රටවල් සහ කලාප 100 කට අධික ප්‍රමාණයක් විසින් සහතික කොට ඇති අතර ලොව ප්‍රමුඛ වෙළඳපල 34 ක මෙන්ම ලොව පුරා නගර 1000කට අධික සංඛ්‍යාවක් දක්වා ව්‍යාප්ත තිබේ. ආසියානු කලාපයේ ඉන්දියාව, මලයාසියාව,ඉන්දුනීසියාව, තායිලන්තය, මියන්මාර්, වියට්නාමය සහ පිලිපීනය ආදී රටවල් වලද ප්‍රමුඛ සන්නාමයක් ලෙස vivo දැක්විය හැකිය.

දෘඩාංග නිර්මාණය සහ නිෂ්පාදනයේ සිට මෘදුකාංග සංවර්ධනය (Android based Funtouch OS), අතින් තිරසර පද්ධතියක් vivo සතුවෙයි. 20000කට අධික සේවක පිරිසක් ඩොන්ග්වාන්(DongGuan), සෙන්ෂෙන් (ShenZhen), නැන්ජින්ග් (NanJing), චොන්ක්වින්ග්(ChongQing) හි පිහිටි vivo ප්‍රධාන කාර්යාලවල සේවයේ නිරත වන අතර 3000 කට අධික ඉංජිනේරුවරුන් පිරිසක් සැන් ඩියාගෝ, (San Diego), සෙන්ෂෙන්(Shenzhen) , නැන්ජින්ග් (Nanjing), බෙයිජිං(Beijing), හන්ග්ෂු(Hangzhou), තායිපේ (Taipei), සහ සිලිකන්වැලි (Silicon Valley) ප්‍රදේශවල පිහිටි පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයන්හි කටයුතු කරයි. මීට අමතරව ඩොන්ගන්(Dongguan), චොන්ක්වොන්ග්(Chongqing), ජාකර්තා (Jakarta), නවදිල්ලි(New Delhi) යන නගරවල සහ බංග්ලාදේශයේද (Bangladesh) vivo නිෂ්පාදන මධ්‍යස්ථාන පිහිටා තිබේ.

Rate this item
(0 votes)