March 28, 2024

අගෝස්තු 24 Gustav Mahler සංගීත ප්‍රසංගයෙන් සංගීත ලෝලීන්ට නවමු අත්දැකීමක්

"The Gustav Mahler Orchestra of Colombo" ශ්‍රී ලංකාවේ අති දක්ෂ සංගීතඥයින් 70 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන සංගීත ප්‍රසංගයක් (Orchestra) අගෝස්තු 24 වන සෙනසුරාදා කොළඹ රාජකීය විද්‍යාලීය නව රඟහල ග්‍රවනාගාරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. 

බීතෝවන්, මාලර්, ශ්‍රී ලාංකික නිර්මාණකරුවන් වන හර්ෂ මාකලන්ද, සචිත්ත ප්‍රනාන්දු, ලලනාත් ද සිල්වා  යන අයගේ නිර්මාණ විශේෂාංග කිහිපයකින් මෙම ප්‍රසංගය හැඩ ගැන්වෙනු ලැබේ. මෙම ප්‍රසංගය මෙහෙයවීම ශ්‍රීමාල් වීරසිංහ ගෙනි.

රේචල් හැලිඩේ, හර්ෂ මාකලන්ද, රවි බන්දු විද්‍යාපති සහ ජිතේන්ද්‍ර විද්‍යාපති කේවල ශිල්පින් ලෙස මෙම ප්‍රසංගයට දායකත්වය සපයනු ලබයි. (Soloists)

ටිකට්පත් රුපියල් 800 සිට 2500 අතර මිලකට "Commons Coffee House on Flower Road" හෝ අන්තර්ජාලයෙන් මිලදී ගන්නේ නම් tickets.lk වෙබ් අඩවිය හරහාද මිලදී ගැනීමට පහසුකම් සලසා ඇත.

මෙම ප්‍රසංගයේ ආදායම Gustav Mahler සමාජ අධ්‍යාපන වැඩසටහන හරහා වසර පුරාවටම පාසල් සහ පාසල් තූර්ය වාදක කණ්ඩායම් සඳහා ආධාර කෙරෙනු ඇත. 

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 17 August 2019 18:49