April 19, 2024

ෆොන්ටෙරා නිෂ්පාදන වල ගමන්මග නිරීක්ෂණය කිරීමේ අතිනවීන "Trace" පද්ධතිය දැන් ශ්‍රී ලංකාවේ

ලොව පුරා ජනතාව දැන් තමන් පරිභෝජනය කරන ආහාරපාන සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් තොරතුරු දැනගැනීමට දැඩි උනන්දුවක් දක්වති. මේ උනන්දුව නිසාම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් හඳුන්වා දෙන ලද zලෝක ආහාර සුරක්ෂිතතා දිනය "2019 ජූනි 07 දිනට යෙදී තිබිණ. මේ වනවිට තාක්ෂණයේ දියුණුවත් සමග, නිෂ්පාදන වල ගමන්මග හඳුනා ගැනීම සඳහා නව ක්‍රමවේදයන් බිහිවී ඇති අතර ඒවා පාරිභෝගිකයන් අතර විශ්වාසය තහවුරු කිරීමට ඛෙහෙවින් උපකාරී වී තිබේ.

තම නිෂ්පාදනයක් ලොව කොතැනක තිබුණද විනාඩි ගණනක් තුළ එම ස්ථානය හඳුනාගැනීමේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දීමට, නවසීලන්තයේ දැවැන්ත කිරි නිෂ්පාදන සමාගමක් වන ෆොන්ටෙරා මෑතකදී සමත් විය. "Trace" ලෙස හැඳින්වෙන මෙය ශ්‍රී ලංකාව තුළද භාවිතයට ගැනීමට ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම පසුගියදා කටයුතු කළේ ය. මෙවැනි තාක්ෂණයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව මෙයයි.

"මෙවර ලෝක ආහාර සුරක්ෂිතතා දින තේමාවේ හරය වන්නේ "ආහාර වල සුරක්ෂිතතාව යනු සියලූ දෙනාටම අදාළ වන දෙයක්" යන්නයි. අපගේ උත්සාහය මගිනුත් මේ හරය නිරූපණය වනවා. ආහාරවල සුරක්ෂිතතාව යනු, අපගේ නිෂ්පාදන ක්‍රියාවලියේ පටන් ලොව පුරා වෙසෙන පාරිභෝගිකයන් වෙත සමීප වීම දක්වා, අප සියලූම දෙනාගේ වගකීමක් බව අප තරයේ විශ්වාස කරනවා.

"ආහාර වල සුරක්ෂිතතාව අපගේ දෛනික ක්‍රියාකාරකම් වල අනිවාර්ය අංගයක් බවට පත්විය යුතුයි. "Trace" පද්ධතිය ඒ සඳහා අපට ඛෙහෙවින් උපකාරී වනවා. මෙය අපගේ පාරිභෝගිකයන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු වීමට ප්‍රධාන හේතුවක් වේවි." ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් සේති මහතා පැවසීය.

"Trace" පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් උදාහරණ දෙකක් පහත දැක්වේ.

නවසීලන්තයේදී නිෂ්පාදනයක කාණ්ඩ අංකය ඔස්සේ, එම නිෂ්පාදන සඳහා කිරි ලබාගන්නා ගොවිපළවල්වල තොරතුරුද ලබා ගත හැක. නිෂ්පාදනයේ අඩංගු ද්‍රව්‍ය, නැව්ගත කිරීම්, ප්‍රවාහනය, සහ ගබඩා කිරීම් ඇතුළුව, නිෂ්පාදන ක්‍රියාවලියේ සිට බෙදාහැරීම ඇතුළුව සියලූ තොරතුරු මේ ඔස්සේ පරීක්ෂා කළ හැකි වේ.

ශ්‍රී ලංකාව තුළදී ඇන්කර් නිව්ඩේල් නිෂ්පාදනයක කාණ්ඩ අංකය මගින්, කිරි එකතු කිරීමේ සැපයුම්කරුවන්ගේ තොරතුරුද, ඉන් අනතුරුව නිෂ්පාදනය, ඇසුරුම, සැකසුම් කටයුතු සහ බෙදාහැරීම දක්වා සියලූ තොරතුරුද පරීක්ෂා කළ හැකි වේ.

නවීන තාක්ෂණය සඳහා සැලකිය යුතු ආයෝජනයන් සිදුකරමින් ෆොන්ටෙරා සමාගම තම නිෂ්පාදන හඳුනාගැනීමේ පද්ධතිය දියුණු කළ බව සුනිල් සේති මහතා පැවසී ය. ලොව ප්‍රමුඛ පෙළේ සැපයුම් දාමයන් විසින් අනුගමනය කරනු ලබන "GS1 Global Traceability Standard" ප්‍රමිතීන්ට අනුව මෙම ක්‍රමවේදය නිර්මාණය කර තිබේ.

"අපට කවදත් සාමාන්‍ය ක්‍රමයට අපගේ නිෂ්පාදන වල ගමන්මග පරීක්ෂා කිරීමේ හැකියාව තිබුණා. නව ක්‍රමවේදය මගින් මේ ක්‍රියාවලිය වඩාත් ඉක්මන් වනවා. දැන් මෙම පද්ධතිය නිසා පෙරටත් වඩා දැඩි ලෙස නිෂ්පාදන වල සුරක්ෂිතතාව හා ප්‍රමිතිය ආරක්ෂා කිරීමට අපගේ කණ්ඩායම් වලට පුළුවන්. මේ වනවිට අපගේ ආහාර සුරක්ෂිතතා හා ප්‍රමිති අංශයේ සාමාජිකයන්, කර්මාන්තශාලා කළමනාකරුවන්, ගබඩා විධායකවරුන්, සේවාමුර ප්‍රධානීන් ඇතුළු පිරිස් පුහුණු කිරීමට මාස 5 ක පුළුල් පුහුණු වැඩසටහනක් ආරම්භ කර තිඛෙනවා. මීට නවසීලන්තයේදී ලබාදෙන සති දෙකක පුහුණුවකුත් ඇතුළත්.

"ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියක් ඉලක්ක කරගත් අපගේ පොරොන්දුව වන්නේ "Safe Food, Safe People, World Class Quality" යන්නයි. මේ නව ආයෝජනය නිසා ඒ පොරොන්දුව ශ්‍රී ලංකාව තුළ නැවත වරක් තහවුරු කිරීමට අපට හැකියාව ලැබෙනවා." සුනිල් සේති මහතා වැඩිදුරටත් පැවසී ය.

ෆොන්ටෙරා සමාගමේ "SAP Global Batch Trace" පද්ධතිය රටවල් 12 ක් සහ මෙහෙයුම් ජාල 250 ක් ආවරණය කරන අතර ඊට ඉලෙක්ට්‍රොනික සංවේදක 430,000 ක් ඇතුළත් ය. මෙම පරාසය තුළ, නිෂ්පාදන ක්‍රියාවලියේ ආරම්භයේ සිට ඛෙදාහැරීම දක්වා, සිය නිෂ්පාදනයක් කොතැනක තිබුණද ඉතාමත් ඉක්මනින් එම ස්ථානය හඳුනාගැනීමට ෆොන්ටෙරා සමාගමට හැකියාව ඇත.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 July 2019 11:33