March 29, 2024
Main

Main (651)

මරණ දඬුවමට යටත්ව බන්ධනාගාර ගතව සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පුද්ගලයින්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ කිසිදු ගැටළුවක් තමා නොදකින බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ‘සිසු දහම් සෙවණ’ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කෑස්බෑව, කහපොල, ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරස්ථානයේ නව දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. 

මෙරට ලක්ෂ 44 පමණ වන පාසල් දරු දැරියන්ගේ ජීවිත සහමුලින්ම විනාශ කරන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුන්ගෙන් අනාගත දරු පරපුර ආරක්ෂා කරගන්නේ කෙසේද කියා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට විරුද්ධව කතා කරන පිරිසගෙන් තමන් ප්‍රශ්න කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පාස්කු ඉරු දින අලුත්ම මාදිලියේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ සහ එයට සහයෝගය ලබාදුන් පුද්ගලයින්ට එරෙහිව මරණීය දණ්ඩනය ලබා දීමට ද මෙම කණ්ඩායම විරුද්ධ බව පැවැසූ අමාත්‍යවරයා රට කෑලි වලට බෙදීමට කටයුතු කළ කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද මෙහෙයුම ක්‍රියාත්මක කරන විට එදා පැවැති රජය ත්‍රස්තවාදීන් විනාශ නොකරන ලෙස ත්‍රිවිධ හමුදාවට උපදෙස් ලබා දුන්නාද කියා තමන් ප්‍රශ්න කරන බවත්, එසේ උපදෙස් ලබා දුන්නා නම් අදටත් කොටි ත්‍රස්තවාදය රටේ පවතින බවත් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඊළඟ ජනාධිපවරණයේ අපේක්ෂයා වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ඒකාබද්ද විපක්ෂයේ සියලු දෙනාගේ සහය ඊට ලැබී තිබෙන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

එහෙත් එක්සත් ජාතික පක්ෂයට මේ දක්වා අපේක්ෂකයෙකු සොයා ගැනීමට නොහැකිවී තිබෙන බවද හෙතෙම කීය.

මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් දිනන්න පුළුවන් දෙදෙනෙකු ඉදිරිපත් කරන අතර එයින් විශිෂ්ඨ කාර්යක් කරූ ජයසූරිය මහතා විසින් සිදුකරන බව අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ (10) පෙරවරුවේ සුගතදාස ක්‍රීඩාංගනයේ සංවිධානය කර තිබු, 46 වන සුගතදාස ගුණානුස්මරණ උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. 

මෙහිදී වැඩිදුරටත් අදහ්ස දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා මේ බව පැවසීය.

"එදා ඉතිහාසයේ වැඩකටයුතු සිදුවූ ආකාරයෙන්ම අදත් වැඩකටයුතු සිදු වෙනවා.  එදා උතුරු කෙළඹින් ආණ්ඩු හැදුණා. අදත් උතුරු කොළඹින් ආණ්ඩුවක් හැදීමට කටයුතු කෙරෙනවා. එදා ඒ සිදුකෙරුණ වැඩ බලාගෙන ඉන්න බැරිව විපක්ෂයෙන් චරිත ඝාතන සිදු කරනවා. අදත් ඒ ආකාරයෙන්ම අපි ඉටු කරන සේවය බලාගෙන ඉන්න බැරිව ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් විසින් අපේ චරිතය ඝාතනය කරනවා. එදා විරුද්ධ කණ්ඩායම් සමාව ඉල්ලනවා. අද එක වතාවක් නොවෙයි, දසවතාවක් සමාව අයැදිනවා. එදා ගෙවල් හදනවා, සමාජ සේවා ඇති කරනවා.  සුගතදාස මැතිතුමා ඇතිකළ අඩිතාලම මතින් අද මටත් ඒ ආකාරයෙන් කටයුතු කරන්න හැකිවෙලා තිබෙනවා. තව සුලු කාලයකින් ජනාධිපතිවරණයක් තිබෙනවා. එහිදී රනිල් වික්‍රමසිංහ සහ කරූ ජයසූරිය යන මහත්වරුන් විශිෂ්ට කාර්යයක් ඉටු කරනවා. අපි හරි වෙලාවට, නියම ආකාරයට දිනන්න පුළුවන් නිවැරදි කෙනෙක් ඉදිරිපත් කරනවා.  එදා 2018 ඔක්තේබර්  22 දා කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා සමග සිදුකළ ප්‍රජාතන්ත්‍රවාදී කටයුත්ත නිසා තමයි, අද රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙලා තිබෙන්නේ. එදා කරූ ජයසූරිය මැතිතුමා නිර්භීත තීන්දුවක් නොගත්තානම්, අද වෙනත් ආණ්ඩුවක් විසින් ප්‍රජාතන්ත්‍රය යටපත් කරලා,  2015 පෙර තිබූ තත්ත්වයට ගමන් කරලා කටයුතු කිරීමක් තමයි සිදු වෙන්නේ. එදා ඒ සිදුකළ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාව තුළින් රටේ සෑම ස්ථානයකම,  සැම පක්ෂයකම සියලු ජාතීන් ආගම් එකතුවෙලා අළුත් දර්ශනයක් තුළින් ඉදිරියට ගෙන යාහැකි නව උපතක් ලබාදුන්නා " 

"1912 ජූලි මාසේ 07 දා මෙළොව එළිය දුටු සුගතදාස මහතා, අපේ රටට සුවිශාල සේවයක් කල චරිතයක්. එතුමා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විශිෂ්ට කැපවීමක් කල නායකයෙක්. ඒ සේවය අමතක නොවන සේවයක්. 1956 දී එන්.එම්. පෙරේරා පරාජය කරලා, සුගතදාස මහතා පුරපති  ධූරයට පත්වෙලා එක්සත් ජාතික පක්ෂය අවධි කළා. ඒ අවස්ථාව එක්සත් ජාතික පක්ෂයේ නව පෙරළියක් ඇතිකළ සංධිස්ථානයක් කියලා කියන්න පුළුවන්. එතැන් පටන් අමාත්‍ය ධූර කිහිපයක් හෙබවූ සුගතදාස මහතා එම සේවය සිහිගන්වනු වස්, සුගතදාස ක්‍රීඩාංගනය ස්ථාපික කළා. ඒවගේම කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනයත් එතුමාගේ විශිෂ්ඨ සේවයක්.  ඒ වගේම උතුරු කොළඹ කියන්නේ වාමාංශික ආසනයක්. සුගතදාස මැතිතුමා විසින සිදුකළ විශේෂ පෙරළියක් නිසා අද උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂයේ ආසනයක් බවට පත්වෙලා තිබෙනවා. සුගතදාස මහතා එක්සත් ජාතික පක්ෂයට මෙන්ම සියලුම ආගම් වලටද විශේෂ සේවයක් සිදුකළ පුද්ගලයෙක්. එතුමාගේ පුද්ගලික වියදමෙන් නිවාස නොමැති පිරිස් වෙත නිවාස ලබාදෙන්න කටයුතු කළා. සුගතදාස මහතාගේ සංකල්පය වූයේ ජනතාව සමග ගමන් කිරීමයි. ඒ උදාර සංකල්පය ආදර්ශයට ගනිමින් අද අපිත් ජනතාව සමග ගමන් කරනවා. එදා සුගතදාස මැතිතුමා 1965 දී ආණ්ඩුවක් ඇති කරන්න විලියම් ගොපල්ලව මහතාට ඇතිකර දුන් වාතාවරණය වගේම, 2019 අග වෙද්දි ජනාධිපතිවරණය තුළින් එවැනිම ශක්තිමත් ආණ්ඩුවක් සෑදීමට අද අපේ අගමැතිතුමා සහ  කරූ ජයසූරිය මහතා එකමුතුවී නායකත්වය සපයනවා"

රටේ පවතින ප්‍රජාතාන්ත්‍රීය නීති රීති වලට ගරු කරමින් දේශපාලන විසදුමක් ඔස්සේ ගමන් කොට උතුරු නැගෙනහිර වෙසෙන දෙමළ ජනතාව වෙණුවෙන් දෙමළ රාජධානියක් අනාගතයේදී බිහිවීම කිසිවෙකුටවත් වැළැක්විය නොහැකි බව ටෙලෝ සංවිධානය විසින් 9 දා නිකුත් කොට ඇති නිවේදනයක සදහන් වෙයි.

ටෙලෝ සංවිධානය විසින් මෙම නිවේදනය නිකුත් කොට ඇත්තේ බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් මහනුවරදී  මේරටේ දෙමළ ජනතාවට කිසිම අයිතියක් නොමැති බවට හා දෙමළ ජාතිය පහත් කොට කතා කිරීමට එරෙහිව බවද ටෙලෝ සංවිධානය කියා සිටියි.

මේ රටේ සිංහල ජනතාව සමග සහයෝගයෙන් වෙසෙන දෙමළ ජනතාවට සුළු ජාතිය වශයෙන් විශාල අයිතියක් ඇති බව පෙන්වා දෙන ටෙලෝ සංවිධානය 1956 හා 58 වර්ෂවල සිට දෙමළ ජාතීන් විවිධ අරගල ඇති කර ගනු ලැබුවේ  ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට බවද සදහන් කොට තිබේ.

එම  අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලය සාර්ථක නොවූ තැන ආරම්භ වූ යුද්ධය වසර තිහක් තිස්සේ පැවති බව පෙන්වා දෙන ටෙලෝ සංවිධානය යළිත් දෙමළ ජනතාව මේ රට තුළ ආයුධ සන්නද්ධ යුද්ධයක් කරා අවතීර්ණ නොවූවත් අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන අත්නොහරින බවද සදහන් කොට තිබේ.

ඥාණසාර හිමියන්ට සිංහල බෞද්ධයින් වෙණුවෙන් පෙනී සිටීමට ඇති අයිතිය දෙමළ නායකයින්ට ඔවුන්ගේ ජාතිය වෙණුවෙන් පෙනී සිටීම සදහා ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කොට ඇත.

(දිනසේන රතුගමගේ)

දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම අසල ඉදිකොට ඇති බුද්ධ ප්‍රතිමාවේ ඇති වළාකුළු බැම්ම කඩා ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් නියෝග කොට ඇති බව පවසමින් අක්මිමන ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු ප්‍ර දේශවාසින් පිරිසක් ඊයේ පස්වරුවේ (08) එම ස්ථානයට පැමිණ එම තිරණයට විරෝධය පළකරණු ලැබිය.

අක්මිමන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති මහාචාර්ය අගුළුගහ දම්මින්ද, අක්මිමන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි කෙහෙල්වල සුමංගල යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය එම බුදු පිළිමයඉදිකොට ඇති පින්නදුව පිවිසුමට වැඩමකොට දැඩි විරෝධය පළකරණු ලැබිය. වළාකුළු වැට කඩා ඉවත් කිරිමට ඉඩ නොදෙන බව මහා සංඝරත්නය මෙහිදි සදහන් කළහ. අක්මිමන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි  කෙහෙල්වල සුමංගල හිමියන් මෙහිදි අදහස් දක්වමින් මෙසේ කිහ.

"මේ ස්ථානයේ තිබේන බුද්ධ ප්‍රතිමාව හා වළාකුළු පිළිමය ඉවත් කරන්න ඇති අයිතිය කුමක්ද, මාර්ග සංවර්ධන අධිකාරියෙන් කියලා තියෙනවා වළාකුළු බැම්ම ඉවත්කරන්න කියලා. ඊට පස්සේ බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරිමට කටයුතු කරාවි. මේ බුද්ධ ප්‍රතිමාව ඉදිකරලා දිලා තියෙන්නේ සුදුජාතික මහත්මයෙක්. මෙක ඉවත්කරන්න අපි දෙන්නේ නැහැ. එහෙම ඉවත්කරන්න ආවොත් අපි උපවාසයක් ආරම්භ කරණවා." යැයි සුමංගල හිමියන් සදහන් කළහ.

මෙකි බුද්ධ ප්‍රතිමාව ඉදිරිපස ප්‍රදේශයේ ධානපතියකුගේ අනුග්‍රහයෙන් කැටගල් ඇල්ලිම සදහා කැටගල් ද ගෙනවිත් තිබුණි. කැටගල් ඇල්ලිම නතර කරණ ලෙස මාර්ග සංවර්ධන අධිකාරියෙන් දැනුම් දි ඇති බවද පැවසේ. පසුව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි මනුෂ නානායක්කාර මහතා මැදිහත් වි මේ සම්බන්දව විමසිමට මාර්ග සංවර්ධන අධිකාරයේ සභාපති නිහාල් සුරිආරච්චි මහතා දුරකථනයෙන් සුමංගල හිමියන්ට සම්බන්ද කර දුන්නේය. එහිදි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මෙසේ කිවේය‍.

"හාමුදුරුවනේ බුදු පිළිමයට මොනවත් කරන්නේ නැහැ. බුදුපිළිමයට එහා සංවර්ධනය කරණවානම් අපට කියන්න ඕන. වෙන වෙන සංවර්ධන කටයුතු කරන්න අමාරුයි. ඒ සදහා අවසර ඉල්ලා නිත්‍යානුකුල විදියට කරගන්න. අපි අවසර දෙන්නම්. නිත්‍යානුකුල විදියට කටයුකු කරගන්න ඕන. බුදු පිළිම වහන්සේට අමතරව සංවර්ධන කටයුතු කරණවානම් අවසර ගන්න වෙනවා. ඒ අවසරය දෙන්නම් අනුමැතිය ගන්න ඕන අපිත්  බුද්ධාගම්කාරයෝ."

මෙහිදි සභාපතිවරයා හා සුමංගල හිමියන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවිය. කාන්තන්කුඩි ප්‍රදේශයේ ආගමික ස්ථාන ඉදිකොට ඇත්තේ අවසරගෙන දැයි සුමංගල හිමියන් ප්‍රශ්න කළහ.

(ලලිත් චාමින්ද)

එක්සත් ජාතික පක්‍ෂයෙන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයා පක්‍ෂයේ බහුතර කැමැත්තෙන් තෝරාගැනීමට එක්සත් ජාතික පක්‍ෂය සුදානම් වන බව වාර්තා වේ.

ජනාධිපති අපේක්‍ෂත්වයට සුදුසු පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් කියැවෙන බැවින් ඔවුන් අතරින් සුදුසු පුද්ගලයා තෝරාගැනීම සඳහා පක්‍ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක් පුවත්පතකට පවසා ඇත.

පක්‍ෂයේ බහුතර කැමැත්ත ඇති පුද්ගලයා ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂයා ලෙස ඉදිරිපත් කිරීමට සියලු දෙනා නිල නොවන ලෙස එකඟත්වයට පැමිණ ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ මීළඟ අපේක්‍ෂකත්වයට සුදුසු පුද්ගලයා සම්බන්ධයෙන් ජනතාව සහ පාක්‍ෂිකයන් දක්වන අදහස් සම්බන්ධයෙන්ද එක්සත් ජාතික පක්‍ෂය අවධානය යොමුකර තිබේ. ඒ සඳහා ගම් මට්ටමින් සමීක්‍ෂණයක් පැවැත්වීමටත් සුදානම් කර ඇති බවත්, මෙතෙක් එලෙස සමීක්‍ෂණයක් පවත්වා අවසන් ප්‍රතිඵලයක් ලබාගෙන නොමැති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය. 

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඉතිරිව ඇති පාක්ෂිකයින් රැකගැනීම සඳහා මේ අවස්ථාවේ ගතහැකි ගෞරවාන්විතම ක්‍රියාමාර්ගය වන්නේ මහින්ද රාජපක්ෂ නායකත්වය වටා එක් රොක් වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

කොළඹ නෙලුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කලේය.

බිම්මට්ටමේ ඉතිරිව ඇති ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් වේගයෙන් පක්ෂය ප්‍රතික්ෂේප කරමින් සිටින අතර ගම් මට්ටම්න් නගර මට්ටමින් සහ සමස්ථ රටක් වශයෙන් පක්ෂය වේගයෙන් කඩාවැටෙමින් තිබෙන බව ඒ මහතා පෙන්වා දෙයි.

ඒ නිසා මේ අවස්ථාවේ නායකත්වයට ගතහැකි ඥානවන්තම ක්‍රියාව වන්නේ නිදහස් පාක්ෂිකයින් බලහත්කාරයෙන් වෙනත් පක්ෂවලට තල්ලු නොකොට මහින්ද රාජපක්ෂ මහතා නම් කරනු ලබන අපේක්ෂකයා දිනවීමට සහය දීම බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා අවධාරණය කලේය.

මේ අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. එම් චන්ද්‍රසේන මහතා සඳහන් කලේ ජනාධිපතිවරයාගේ මරණීය දන්ඩනය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලත්, කලු ජූලිය සුදු කරන, එජාපයේ සුදු ජූලිය සහන පැකේජයත් ඡන්ද ගුන්ඩුවක් බවයි.

වසර හතරහමාරක් රට පාලනය කල නායකයින් දෙපල මෙම වැදගත් තීරණ ගැනීමට මේ තරම් පමාවූයේ මන්දැයි ඒ මහතා ප්‍රශ්න කර සිටියි.

දහනවවන ව්‍යවස්ථා සංශෝදනයේ බරපතල ගැටලුකාරී තත්වය උත්සන්න කරමින් රට අස්ථාවර කරන තවත් අර්බුදයක් ලබන සතියේදී කරලියට පැමිණෙනු ඇතැයි මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙහිදී අණාවරණය කලේය.

අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකදුරේ මධුෂ් විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ ගෝලයෙක්ගේ නම හෙලි කර ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඉදිරියේදී ඔහු හිරේ යනු ඇතැයිද ඇමතිවරයා පැවසීය.

ආණ්ඩුවේ දේශපාලඥයන් හතර දෙනෙක් හා විපක්‍ෂයේ දේශපාලඥයන් තුන් දෙනෙකුගේ නම් මධුෂ් විසින් හෙලි කර ඇති බවද ඒ මහතා සදහන් කලේය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ,

“කළුතර දිස්ත්‍රික්කයේ විශාලතම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය විශේෂ කාර්ය බලකාය පසුගියදා වටලනු ලැබුවා. එය කාගේ ද කියා කවුරුත් දන්නවා.  ප්‍රාදේශීය සභාවේ ඉදලා කැබිනට් අමාත්‍යධූරයක් වත් නොලබා කළුතරම දිස්ත්‍රික්කයම සල්ලිවලට ගන්න පුළුවන් ඒකාබද්ධ විපක්ෂයේ කෙනෙක් තමයි එම නිෂ්පාදනාගාරයට පූර්ණ සහයෝගය ලබාදෙන්නේ. අල්ලාගත් සැකකරු ඒකාබද්ධ විපක්ෂයෙන් මැතිවරණ වලටත් ඉදිරිපත් වුනා.  පසුගිය රජය කාලයේ ද කළුතර දිස්ත්‍රික්කයේ රා කර්මාන්තය විනාශ කිරීමට ඔවුන් කටයුතු කළා. රා කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට මම වැඩපිළිවෙළක් දියත් කළත් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය වැඩි වුනා. වෛද්‍යවරයෙක් ලෙස මම රා බීම හොද යැයි කියන්නේ නැහැ. රා කර්මාන්තය විනාශ කරමින් සමාගම් වලට රා කර්මාන්තය විකුණලා දැම්මා.  බේරුවලට කෘත්‍රීම රා හලාවත සිට ගෙනඒමට පටන් ගත්තා. ඒවා ශරීරයට අහිතකරයි. එවැනි වැරදි සිදු කළේ මෙම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයට සහයෝගය ලබාදුන් පුද්ගලයායි. ඊට එරෙහිව මම සටන් කළත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උල්පන්දම් ලබාදුන්නා. එවැනි අපචාර නතර කිරීමට උත්සාහ කළේ නැහැ. මට කළකිරීමක් ඇති වුනා. වත්මන් රජය යටතේ කෘත්‍රීම රා නිෂ්පාදනය කිරීම නතර කිරීමට අපට හැකියාව ලැබුනා."

පසුගියදා ජනාධිපතිවරයා ඉදිරියේ ග්‍රාමීය ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ   අමාත්‍යවරයා දිවුරුම් දුන් රංජිත් මද්දුම බණ්ඩාර මහතා  ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ වැඩ භාර නොගැනීම හේතුවෙන් දීවයින පුරා ක්‍රියාත්මක වන ආර්ථික මධ්‍යස්ථාන වල සේවා සියල්ල අඩපණ වී නිලධාරීන් සහ වෙළෙන්දන් අතර අර්බුදකාරී තත්වයක් මතුව ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය චෝදනා කරති.

ආර්ථික මධ්‍යස්ථාන පාලනය වන කළමනාකරණ භාර රැස්වීම් මාසිකව පැවැත්විය යුතු වුවද මේ වන විට මාස ගණනාවකින් ඒවාද නොපැවැත්වීම නිසා කළමනාකරණ භාර සේවකයන් සහ වෙළෙන්දන් අතර මේ දිනවල දැඩි ගැටුම්කාරී තත්ත්වයක් උද්ගතවී ඇතැයි වෙළෙඳ සංගමයේ සභාපති යු . බී .ඒකනායක මහතා පැවසීය.

 මේ දිනවල ආර්ථික මධ්‍යස්ථාන පරිපාලනය සහ වෙළෙන්දන් අතර ඇතිවන ගැටුම් කාරී තත්වය නිරන්තරයෙන් දැක ගැනීමට හැකි වූ අතර 03 දින පෙරවරුවේ අප දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේදී ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ නියෝජිතයන් සහ කළමණාකරන භාරයේ කළමනාකරු අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොස් අප ආර්ථික මධ්‍යස්ථාන භාරව ඇමතිවරයා කවුරුන්ද යන්න වෙළෙන්දන්ගෙන් සහ එහි රැඳී සිටි ව්‍යාපාරිකයන්ගෙන් විමසීමේදී බොහෝ දෙනෙකු කියා සිටියේ ඇමතිවරයා  කවුරුන්ද  නොදන්නා බවත් ඇතැම් අය කියා සිටියේ පි .හැරිසන් ඇමැතිවරයා බවය. එක් අයකු පමණක් කියා සිටියේ  රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇමති  බවය.

කෙසේ වෙතත් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පි හැරිසන් ඇමැතිවරයා සතුව පවතී    ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය    ඉවත් කොට    රංජිත් මද්දුම බණ්ඩාර මහතා ට ලබාදී  දිවුරුම් දුන්නේය.

එහෙත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය චෝදනා කර සිටියේ මේ වන තුරුත් ඇමතිවරයා දිවුරුම් දුන්නට වැඩ බාර නොගැනීම හේතුවෙන් රටේම ආර්ථික මධ්‍යස්ථාන වල අර්බුද මතුවී තිබෙන බවත් තවත් දින කීපයක් මේ පිළිබඳව පියවරක් නොගන්නේ නම් වහාම සියලුම ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ වී රටේ විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවය.

එමෙන්ම අර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් කියා සිටියේ මේ වන විට ආර්ථික මධ්‍යස්ථාන භාරව 2015 වසරේ සිට ඇමතිවරුන් පස් දෙනෙකු මරු වී තිබෙන බවය. මෙය ද බරපතළ හානියක් බව ඔවුහු පෙන්වා දෙති .

ආර්ථික මධ්‍යස්ථාන වල පරිපාලන කටයුතු ක්‍රියාත්මක වනු ලබන්නේ කළමනාකරණ  භාරයකින්  බවත්  එහි  සේවකයන්   සාමාජිකයින් පවා දේශපාලන අවශ්‍යතා මත වෙනස් කිරීම හේතුවෙන් ටෙන්ඩර් පත් පමණක් ලබා ගැනීමට ඔවුන් ඉදිරිපත් වන බවද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති  යු .බී. ඒකනායක මහතා චෝදනා කළේය.

මෙතෙක් ආර්ථික මධ්‍යස්ථාන භාරව කටයුතු කරන ග්‍රාමීය ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් අප මේ පිළිබඳව දුරකථනයෙන් විමසීමක් කළෙමු.

 ඒ මහතා කියා සිටියේ තමන් ආර්ථික  සංවර්ධන කටයුතු අමාත්‍යංශය වරයා ලෙස දිවුරුම් දුන්නද වැඩ බාර ගත් නොගත් බවය. ඉදිරියේදිත් තමා වැඩ භාරගැනීම ප්‍රතික්ෂේප කරන බවද    ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ විෂයපථ රැසක් ආයතන රැසක් පැවතුනද තමා වෙත ආර්ථික මධ්‍යස්ථාන පමණක් ලබාදීම නිසා එය ප්‍රතික්ෂේප කරන බවද සඳහන් කළේය.

 විජිතමුණි සොයිසා මහතාටත් වර්තමාන කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතාට එම අමාත්‍යාංශයේ පැවැති   පශු  සම්පත් සංවර්ධන අංශය සහ විවිධ අංශ රැසක් එම අමාත්‍යංශය යටතේ පැවැත්වුණු නමුදු තමන්ට පමණක් ආර්ථික මධ්‍යස්ථාන විෂය පමණක් ලබාදීම නිසා තමන් එම අමාත්‍ය ධූරයේ වැඩ භාර නොගන්නා බවට තීරණය කළ බවද හෙතෙම කීවේය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව තමන් කිසිවිටෙකත් ප්‍රකාශ කර නොමැති බව පොදුජන පෙරමුණේ නිර්මාර්තෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ තමන් සිදුකළ ප්‍රකාශය මාධ්‍ය විසින් විකෘති කර ඇති බවයි.
 
පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළේ හිටපු ආරක්ෂක ලේකම්වරයා පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන බව බැසිල් රාජපක්ෂ මහතා පැවසූ බවයි.
 
එම මාධ්‍ය වාර්තාව සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සතිඅන්ත පුවත්පතකට පවසා ඇත්තේ තමන් එවැනි ප්‍රකාශයක් කිසි විටෙකත් සිදුකර නොමැති බවයි.
 
'ඇත්තෙන්ම එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් විමසුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන්ගේ සහයෝගය ලබාදෙනවාද නැද්ද යන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ ඉඩක් තිබෙන බවත්, එසේ වුවහොත් තමන් සහයෝගය ලබාදෙන බවත් එයට පිළිතුරු ලෙස මම පැවසුවා. අපේ පක්ෂයෙන් ඉදිරිපත් වෙන ඕනම අපේක්ෂකයෙකුට සහයෝගය දීම පාක්ෂිකයන් ලෙස අපේ වගකීම. ඒ අනුව අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ වුනොත් මම ඔහුට සහයෝගය දෙනවා. ඒත් ඒකෙන් කියන්නෙ ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා කියලා නෙවෙයි. මේ ප්‍රකාශය තමයි මාධ්‍ය වැරදි විදියට ප්‍රචාරය කළේ. අපි තාම තීරණය කරලා නෑ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කවුද කියලා. ඒකට අපිට තව කල් තියනවා. අගෝස්තු 11 වෙනිදා පක්ෂ සමුළුවේදි ඒක ප්‍රකාශයට පත් කරනවා.'
 
පක්ෂයේ අපේක්ෂකයා පිළිබඳ තීන්දුව ගැනීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ සමග සිටින දේශපාලන පක්ෂ හා වෙනත් සංවිධාන සමග සාකච්ඡා කර අපේක්ෂකයා දිනවීම වෙනුවෙන් පුළුල් වැඩපිළි‍වෙළක් දියත් කරන බව බැසිල් රාජපක්ෂ මහතා අදාල පුවත්පතට වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
 
අපේක්ෂකයා සම්බන්ධයෙන් පවතින සාකච්ඡාවලදී තමන්ගේ නම සහ චමල්, ගෝඨාභය යන තම සොයුරන්ගේ නම් ද යෝජනා වී ඇති බවත්, විශේෂයෙන් දෙමළ හා මුස්ලිම් ජනතාව නියෝජනය කරන දේශපාලනඥයන් පිරිසක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි තමාගෙන් ඉල්ලා ඇති බවත් ඔහු පවසයි. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තමන්ට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ඔහු සඳහන් කරයි.