ඉදිරි මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තනිව තරග කිරීමට සලස්වන ලෙස ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා පවසයි.
ඒ සඳහා කටයුතු කරන ලෙස තමන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගෙන් සහ බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.
සමීක්ෂණ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග රටෙන්ම දිනාගත හැක්කේ ආසන හතරක් පමණක් යයිද ඔහු සඳහන් කළේය.
පොළොන්නරුවේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
වත්මන් ආණ්ඩුවට ඇති ඇති ලොකුම ප්‍රශ්නය බැසිල් රාජපක්ෂ බව මහාචාර්ය නලින් ද සිල්වා චෝදනා කරයි.
එසේම මේ වන විට ඇමරිකාවට ගොස් සිටින බැසිල් ලංකාවට නොඑන තරමට හොඳ බවත් ඔහු පවසයි.
මහාචාර්ය නලින් ද සිල්වා මේ බව සඳහන් කළේ ඒෂියන් මිරර් අප සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
පොදුජන පෙරමුණේ උඩ සිටින උද්දච්ච කිහිපදෙනෙකු පාලනය ගෙන යාමට බාධා කරන බවටත් ඔහු එහිදී චෝදනා නැගූ අතර බැසිල් රාජපක්ෂ රටට ලොකු ප්‍රශ්නයක් බවත් පැවසීය.
ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප සහය නොගැනීමට සහ ශ්‍රීලනිපය වෙනුවට තමන්ගේ බලය පැතිරුණු පක්ෂයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය ඇතිව බැසිල් රාජපක්ෂ කටයුතු කරන බවත් ඔහු පැවසීය.
පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ, සංවිධාන එකතුව ගොඩනගන සන්ධානයේ මූලිකත්වය ගෝඨාභය ජනාධිපති ගත යුතු බවත් ඔහු පැවසීය.
මහාචාර්ය නලින් ද සිල්වා මෙහිදී මහින්ද රාජපක්ෂ අගමැතිවද විවේචනය කල අතර ඒ 19 ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමට විශාලම කාර්ය භාරයක් කළේ මහින්ද රාජපක්ෂ බව අමතක නොකල යුතු බව පවසමින්ය.
19 සංශෝධනය ගෙනා මෛත්‍රීපාල සිරිසේන පසුව ඒගැන කණගාටුව ප්‍රකාශකර නමුත් මහින්ද රාජපක්ෂ අඩුම තරමින් සිදුවූ අතපසුවිම සම්බන්ධයෙන් මෙතෙක් කනස්සල්ලක්වත් පළකර නැතැයි මහාචාර්ය නලින් ද සිල්වා එහිදී පැවසීය.
ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරිම ජාතික සමගියට බාධාවක් නොවන බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මේ බව පැවසීය.
“ව්‍යවස්ථාවේ පිටපත් අතර වෙනසක් තිබුණොත්. රාජ්‍ය භාෂාවෙන් තියෙන පිටපත නිවැරදි වෙනවා. රාජ්‍ය භාෂාවෙන් තියෙන පද මාලාව පිළිගත යුතුයි. දෙමළ භාෂාවෙන් පළවෙන ව්‍යවස්ථා පිටපතේ. ජාතික ගීය දෙමළට පරිවර්තනය කරලා තියෙනවා. රාජ්‍ය භාෂාව වන්නේ සිංහල භාෂාව පමණයි. සිංහල භාෂාවෙන් කියන ජාතික ගීය මුරලිට, කදිරගාමන්ට ප්‍රශ්නයක් නොමැතිනම්. කාටද ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ “
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට සියලු සාමාජිකයන් පත් කිරීම ලබන සදුදා (27) වනවිට අවසන් කෙරේ.
එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන තනතුරු සඳහා පත්කිරිම් සියල්ලක්ම මේ වනවිට අවසන් අතර ඉල්ලා අස් වූ බව ප‍්‍රකාශ කළ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා යළිත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකවරයා ලෙස පත් කිරීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් පත් කිරීම පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස, උප නායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, මහලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුලූ උපදේශක මණ්ඩලයේ අනුමැතිය යටතේ සිදුකෙරේ.
පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලූ විසඳීම සඳහා ඡන්දයක් නොපවත්වන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්, හිටපු අමාත්‍යවරුන් සහ පසුපෙළ මන්ත‍්‍රීවරුන් කළ ඉල්ලීමට අනුව අර්බුදයකින් තොරව එය විසඳාගැනීමට එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ක‍්‍රමවේදයක් සකසමින් සිටිතැයි හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
අචාර්ය ජයම්පති වික්‍රමරත්න එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් හිටි හැටියේ ඉල්ලා අස්වූයේ මහ බැංකු බැඳුම්කරය ඇතුළු වැදගත් සිද්ධීන් පිලිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග කර තිබෙන සාකච්ජා ඇතුලත් දුරකථන හඬ පට නිසා බවට තොරතුරු අනාවරණය වේ.
මෙම හඬ පටවල තිබෙන තොරතුරු හරහා වික්‍රමරත්න මහතාගේ ප්‍රතිරූපයට බලපෑමක් එල්ල වෙන බවත් ඔහුට මේ සම්බන්ධයෙන් නෛතික කටයුතු වලට මුහුණ දීමට සිදුවන බවත් වාර්තා වේ.
වික්‍රමරත්න මහතාගේ මීළඟ පියවර වන්නේ දේශපාලන රැකවරණ පතා විදෙස්ගත වීම බවද හෙළිදරව් වී තිබේ. එක්සත් ජාතික පෙරමුණු රජය බලයේ සිටිද්දී වික්‍රමරත්න මහතා යුරෝපා රටවල් දෙකකින් දේශපාලන රැකවරණය ඉල්ලා සිටිය මුත් එය ප්‍රතික්ෂේප විය. එම ඉල්ලීම් කර තිබුණේ නිල රාජ්‍ය සංචාරයන් අතරතුරය. ජයම්පති වික්‍රමරත්න මහතා ඉකුත් 22 වනදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමඟ එක්ව මහා මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඒකාබද්ධ විපක්ෂයෙන් මහා මැතිවරණයට ඉදිරිපත් වන බව කළුතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.
තමන් මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඒකාබද්ධ විපක්ෂයෙන් මිස එජාපයෙන් නොවන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ශ්‍රීලනිපය තනියෙන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තමා එම පක්ෂයෙන් තරග කරන බවද වෙල්ගම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
රජයේ ආයතන සදහා ප‍්‍රධානීන් පත් කිරීම සදහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ නොතකා ඇතැම් පත්වීම් සිදු කර ඇති බව එම කමිටුවේ සාමාජික ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.
මෙම කමිටුවට කල හැක්කේ නිර්දේශ කිරීම පමණක් බවත් පත් කිරීම් බලයක් නැති බවත් පවසන ගොඩහේවා මහතා පත්කිරීම් බලධාරීන් විසින් නිර්දේශ නොතකා ඇතැම් පත්කිරීම් කර ඇතැයිද කියා සිටී.
කෙසේ කමුත් සමස්ථයක් ලෙස ආයතන ප‍්‍රධානීන් පත් කිරීමේදී 90%-95% පමණ සතුටු විය හැකි යයිද පවසන ඒ මහතා 100%ක් නිවැරදි නොවුනද රජය විසින් හොද ආරම්භයක් ගෙන ඇතැයිද සදහන් කරයි.
ඔහු මේ අදහස් පල කරන ලද්දේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනාධිපති මාධ්‍ය අංශය සතුව තිබූ පසුගිය රජය සමයේ අතුරුදන්ව ඇති පටිගත කිරීමේ ජංගම බස් රථය හා ලක්ෂ 334ක් වටිනා තාක්ෂණික උපකරණ පිළිබදව සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
අතුරුදන්ව ඇති එම බස් රථය හා තාක්ෂණික උපකරණ ඇති ස්ථාන සොයා බලා ඒවා නැවත ජනාධිපති මාධ්‍ය අංශය වෙත භාරදීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
‘හඬ පට’ සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින හිටපු නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක පමණක් නොව ඔහු දේශපාලනයට ගෙනා උදවියත් අද වගකිව යුතුව ඇතැයි හිටපු නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (12) ප‍්‍රකාශ කළේය.
රන්ජන් චිත‍්‍රපට කර කර හිටියානම් අද මෙවැනි චෝදනා ඔහුට එල්ල නොවන බවද පැවසූ මන්තී‍්‍රවරයා ඔහු එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් කිරීමට පියවර ගතහොත් එම තීරණයට තමා අත ඔසවන්නේ නැතැයිද කීවේය.
රන්ජන් රාමනායක බලපත‍්‍ර නැතිව පිස්තෝලයක් ළඟ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගත් මොහොතේ තමා එම ස්ථානයට ගියේ ඔහු පක්‍ෂය වෙනුවෙන් කළ කැපවීම ගැන සිතා බවත් හඬ පට සිද්ධිය දැන ගත්තේ පසුව බවත් පැවසූ මන්තී‍්‍රවරයා රන්ජන් රාමනායක පක්‍ෂයෙන් ඉවත් කළහොත් ඔහුට යන එන මං නැතැයිද කීවේය.
රන්ජන් එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ කරගත් උදවියත් මේවාට වගකිව යුතු යැයිද පාලිත තෙවරප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මින් පෙර බලයේ සිටි ජනාධිපතිවරුන්ට වඩා නිහඬව සහ සක්‍රීයව සිය ධුරයේ කටයුතු ඉටු කරමින් සිටින බව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදි අමාත්‍යවරයා පැවසුවේ ගොඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් තමන් සතුට වන බවයි.
රට තුල සිදු කිරීමට බපාපොරොත්තු වු වෙනස එලෙසම සිදු වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රට තුල උද්ගල වු සහල් ගැටළුව විසදීම සඳහා ජනාධිපතිගේ සහය අවශ්‍ය වු විට සඳයා ජනාධිපතිවරයාගේ සහය ලැබුන බවත් මීට පාර රට පාලනය කළ නායකයන්ගෙන් එවැනි සහයක් නොලැබුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ ජේෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර මහතා අතර කෙරුණු ආන්දෝලනාත්මක දුරකථන සංවාදයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැර තිබේ.
අත්අඩංගුවට ගත් රන්ජන් රාමනායක මහතාට ගංගොඩවිල අධිකරණයෙන් ඇප ලැබී පැය කිහිපයක් ඇතුළත මෙම හඬ පටය සමාජ මාධ්‍යජාලා වෙත මුදා හැර තිබිණි.
මෙම දුරකථන සංවාදයේදී මෙම දෙදෙනා ප්‍රභූ පුද්ගලයෙකු පිලිබඳ කෙරෙන පරීක්ෂණයක වැදගත් තොරතුරු අසන්නට ලැබේ.
ෂානි අබේසේකර මහතා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයක් දැරූවෙකි.
නව පාර්ලිමේන්තු සභාවාරය විවෘත කිරීමේ උත්සවය සරල එකක් බව පෙන්වීම සඳහා හමුදා උත්තමාචාරය අවලංගු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළත් ඊට පෙර දිනයේදී ඒ සඳහා කාලතුවක්කු රැගෙනවිත් හමුදා අනුඛණ්ඩ යොදවා සියලුම පෙර පුහුණු කටයුතු සිදුකර තිබුණු බැවින් සරල බව පෙන්වීමට ගියත් වියදම් වී හමාර බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"වෙඩිමුර තැබීමට කාලතුවක්කු මෙතෙන්ට රැගෙන ආවා, සූදානම් කළා. ඒවාගේම හමුදා අනුඛණ්ඩ ගෙනල්ලා මෙතන පෙරහුරු කළා. ඒවගේ ඊයේ සියලු වියදම් කරලා අවසන් කරලා තමයි අද මේ උත්සවය අවලංගු කිරීමට කටයුතු කළේ සරල බව පෙන්වීමට. සරල බව පෙන්වන්න කටයුතු කරනකොට වියදම සම්පුර්ණයෙන්ම කරලා අවසන්."
08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
අද පෙරවරු 10 ට සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් අද පැවැත්වීමට නියමිතව තිබූ උත්මාචාර වැඩසටහන් රැසක් ජනපති නියමයෙන් අවලංගු කිරීම විශේෂත්වයකි.
ජනාධිපතිවරයා සතු බලතල අනුව පසුගිය දෙසැම්බර් මස 02 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය වාර අවසාන කරනු ලැබුවේය.
ඒ අනුව අද දිනයේ අට වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ වීමට නියමිතයි.
පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භකිරීමේදී සාම්ප්‍රදායිකව සිදුකෙරනෙ අශ්වාරෝහකයින් පෙරටුකරගත් විශේෂ රථ පෙරහර සහ ත්‍රිවිධ හමුදා උත්තමාචාරය ඇතුළු ආචාර වෙඩිමුර 21 පැවැත්වීම ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අත්හිටුවා තිබීමද විශේෂත්වයකි.
පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින්,හිටපු ජනාධිපතිවරුන්,අග්‍රාමාත්‍යවරුන්,අගවිනිසුරුවරයා ,උපරිමාධිකරණ විනිසුරුවරුන්,හා නීතිපතිතුමා ඇතුළු 600කට අධික සම්භාවනීය අමුතත්තන් පිරිසක් සහභාගී වීමට නියමිතයි.
සභා වාරය ආරම්භයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි මුලසුන ගනු ලබයි.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සහ රැස්වීම කැඳවීම පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්රකාශනය එහිදී පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් කියවීමට නියමිතයි.
ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවට පෙර මෙය රාජාසන කථාව ලෙස හැඳින් වූ අතර වත්මන් ක්‍රියාදාමය අනුව එය විවාදයකට බදුන් කිරීමක් හෝ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් සිදුකිරීමට ලක් කරන්නේ නොමැත.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තාවකාලිකව කල්තැබෙන අතර පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව තිබෙන්නේ පස්වරු 1.00ටයි.
මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක යන තනතුරුවලට අදාළ පත්කිරීම් අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
අදාළ පත්කිරීම් හා පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ආණ්ඩු පක්ෂයේ මන්ත්රී කණ්ඩායම මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රී කණ්ඩායම ද රැස් වී තිබුණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණි.
එහිදී පාර්ලිමේන්තුවේ නව සභා නායකයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත්,ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් පත් කිරීමට තීරණය කර තිබේ.
මේ අතර විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය සදහා ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා නම් කිරිමට ඊයේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය වී තිබුණි.
මේ වනවිට ලංකාවේ ලොකුම ප්‍රශ්නය වි ඇත්තේ දකුණේ ජනතාවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම හා උතුරේ ජනතාවට ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට නොමැති වීමත් රටට වෙනත් කිසිදු ප්‍රශ්නයක් නොමැති විම කනගාටුවට කරුණක් බව ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නායක සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
එහිදි සුරෙස් ප්‍රේමචන්ද්‍රන් මහතා වැඩිදුරටත් පවසා සිටියේ,
“රටේ ජනතාවගේ රුපියල් කෝටි ගණනක් මුදල් වියදම් කරමින් රටට ජනාධිපතිවරයෙක් පත්කරගන්නා ලද්දේ මෙවැනි විහිලු කතා ඇසීමටවත් දැකීමටවත් නොවන බව සියලු දෙනා තේරුමගත යුතුයි. උදාහරණයක් වශයෙන් ශ්රී ලංකාව ගැන කිසිවක් නොදන්න විදේශිකයෙකු ලංකාවේ පළවන ප්රවෘත්ති නැරඹුවහොත් ශ්රී ලංකාවට ඇති ප්‍රධානම ප්‍රශ්න දෙක වි ඇත්තේ රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමත් දෙමළ ජනතාවට ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට අවස්ථාවක් නොමැති වීමත් යන කාරණා දෙක පිළිබඳව පමණක් බවයි. නමුත් රටේ ජනතාවට විසඳාගත යුතු ප්‍රශ්න දහසකුත් දේ ඇති බවටත් අඩුම වශයෙන් ජනාධිපතිවරයා හෝ එය තේරුම්ගත යුතු අතර සිංහල ජනතාවට විසඳාගත යුතු ප්‍රශ්න මෙන්ම දෙමළ ජනතාවටද විසඳාගත යුතු ප්‍රශ්න රාශියක් තිබෙනා බැවින් එම ප්‍රශ්න විසඳීමට නොහැකි වුවහොත් පසුගිය රජයෙන් නිශ්පල අවුරුදු පහක් ගෙව්වා සේ වත්මන් රජයටද එවැනි ඉරණමක් අත්විඳීමට සිදුවනු ඇති බවටත්ය.