April 20, 2024

රෝහිතට උරුමය ලැබෙද්දී මහින්දට කරුමය උරුම වෙයි Featured

විවිධ බාධක මැද පොදුජන පෙරමුණ පිහිටුවීමට තමා කළ පරිත්‍යාග ගැන සඳහන් කරමින් එදා තමන් මුහුණ දුන් කරුමය වෙනුවෙන් අද තමාට උරුමය ලැබිය යුතු බවට රෝහිත අබේගුණවර්ධන මහතා කළ ප්‍රකාශයක් ඒෂියන් මිරර් ඊයේ (12) වාර්තා කර තිබිණි. "එදා කරුමයට කර ගැසූ මට අද නිසි උරුමය ඕනේ" - රෝහිත

රෝහිත අබේගුණවර්ධන මහතාගේ එම ප්‍රකාශය මල් ඵල ගන්වමින් කළුතර දිස්ත්‍රික්කයට හිමි වූ එකම කැබිනට් ඇමති ධූරය ඔහුට හිමි විය.

ඒ අනුව වරාය හා නාවික අමාත්‍ය ධුරයේ ඔහු ඊයේ (12) දිවුරුම් දෙන ලදී. 

ඒ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මිට පෙර විවිධ කැබිනට් අමාත්‍ය ධුර දැරූ මහින්ද සමරසිංහ මහතා මෙන්ම මෙවර මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණු ලැයිස්තුවෙන් ප්‍රථමයා වූ විදුර වික්‍රමනායක මහතා ද අභිබවමිනි.

මෙවර කැබිනට් අමාත්‍ය හා රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනමද්දී මහින්ද සමරසිංහ මහතාට කිසිවක් නොලැබුණු අතර විදුර වික්‍රමානයක මහතාට ලැබුනේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් පමණි. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කය ජයන්ත සමරවීර, පියල් නිශාන්ත යන මහත්වරුන්ට රාජ්‍ය අමාත්‍ය ධුර හිමි විය.

Last modified on Thursday, 13 August 2020 16:27