April 24, 2024

මහින්දගේ ජාතිකත්වයට දැන් උරුමකාරයින් රැසක් Featured

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමට මුල් වූ ජාතිකත්ව මතවාදයට මෙවර මහ මැතිවරණයේදී පාර්ශව රැසක් උරුමකම් කීමට ඉදිරිපත්ව සිටියි.

පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා සිංහල ජාතිකත්ව පදනමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය අඩිතාලම දැමීමට සමත් වූ අතර ඒ සඳහා දෙමළ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට ඔහු ලබා දුන් දේශපාලන නායකත්වය දැඩි ලෙස බලපාන ලදී.

එහෙත් මෙවර මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජාතිකත්ව පදනමට පුජ්‍ය අතුරලියේ රතන හිමි, පාඨලී චම්පික රණවක මහතා වැනි කොටි ත්‍රස්‌තවාදය සහමුලින්ම විනාශ කිරීමට ආරම්භය ලබා දුන් මාවිල්ආරු සොරොව්ව විවෘත කළ පිරිස් ද දැන් අයිතිවාසිකම් කියයි.

මහින්ද රාජපක්ෂ මහතාට කොටි ත්‍රස්තවාදය විනාශ කිරීම පිළිබඳව කිසිදු මතවාදයක් නොතිබුණු බව රතන හිමියන් ප්‍රකාශ කරන අතර මහින්ද රාජපක්ෂ මහතා ජාතිකවාදියෙකු නොව අවස්ථාවාදියෙකු බවත් ඔහු 2005 ජනාධිපතිවරණය සඳහා වූ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඒකීය ශ්‍රී ලංකාව යන වචන පේලිය පවා දැමීමට බිය වූ පුද්ගලයෙකු බව පාඨලී චම්පික මහතා පෙන්වා දෙයි. රතන හිමියන්ද මේ චෝදනාව මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රසිද්ධියේම එල්ල කරමින් සිටියි.

Last modified on Sunday, 12 July 2020 10:08