March 29, 2024

කොරෝනා දෙවැනි රැල්ල පාලනය කිරීම ගැටලුවක් - PHI සංගමය හේතුව කියයි Featured

කෙවිඩ් 19 පාලනය කිරීම සඳහා රජය විසින් නීති සම්පාදනය කර ඊට නිරෝධායන නීති අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයිද එසේ නොවන්නේ නම් කොවිඩ් දෙවැනි රැල්ල පාලනය කිරීම ගැටලුවක් වන බව ද ඔහු අවධාරණය කළේය.

මේ අතර මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු හා ඡන්ද ක්‍රියාවලියට අදාලව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සකස් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ලඟ හිරවී ඇතැයි වාර්තා වේ.

නාත්තන්ඩිය - කොට්ටරාමුල්ල ප්‍රදේශයේ නිවස 09 ක පුද්ගලයින් 37 දෙනෙකු ස්වයං නීරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය නිලධාරීන් මේවන විට කටයුතු කර ඇත.