April 18, 2024

ජන්දෙන් පසු කොමසාරිස් ධූරයෙන් මාව පන්නන බව දයාසිරි කිව්වා Featured

එළබෙන මහා මැතිවරණයෙන් පසු තමන්ව ස්වාධින මැතිවරණ කොමිසමේ කොමසාරිස් ධූරයෙන් ඉවත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර තිබෙන බව එම කොමිසමේ කොමසාරිස්වරයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඉංග්‍රීසි පුවත්පතකට ලියන ලද ලිපියකින් කරුණු අනාවරණය කර තිබේ.

ඊට හේතු වී තිබෙන්නේ යාපනය දිස්ත්‍රික්කයේ පවත්වා ගෙන ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය මැතිවරණ රෙගුලාසි වලට අනුව වසා දැමීමට කටයුතු කිරීම මෙන්ම යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වූ අන්ගජන් රාමනාදන් මහතාට රජයෙන් ලබා දී තිබෙන මෝටර් රථය මැතිවරණ සමය තුළ භාවිතා කිරීම වැලැක්වීම යන කරුණුය.

හූල් මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබෙන්නේ තමන් මේ කිසි දෙයකට සම්බන්ධ නැති බවය.

Last modified on Thursday, 02 July 2020 10:50