ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම පක්ෂ මාරු කිරීමේ කටයුත්ත ආරම්භ කරන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නිමල් සිරිපාල ද සිල්වා සහ මොහන් ලාල් ග්‍රේරු යන මන්ත්‍රීවරුන් පොදුජන පෙරමුණට ඒක කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සුදානම් වෙමින් පවතියි.
එක්සත් ජාතික පක්ෂයේ පවතින ගැටලුකාරී තත්ත්වය සමනය වීමත් සමඟම ශ්‍රීලනිපය නියෝජනය කරන මහින්ද සමරසිංහ මහතා ඊට එක්වීමට නියමිතය.
මොහාන් ලාල් ග්‍රේරු මහතා මිට පෙර එජාපයට එක්වීමට සූදානමින් සිටියද මේ වන විට ඒ අදහස වෙනස් කර පොදුජන පෙරමුණට එක්වීමට තීරණය කොට තිබේ.