December 14, 2019

රටේ බහුතර සිංහල ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

මල්වාන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසර් මුස්තාෆා මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ බහුරත සිංහල ජනතාවගේ ආශීර්වාදයෙන් ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහනය කරන බවයි.

මේ අතර රටේ බහුතර සිංහල ජනතාව එක්සත් ජාතික පක්ෂය සමඟ නොමැති බව එම පක්ෂය හොඳින් දන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මෙහිදී සඳහන් කළේය.

මේ හේතුවන් එක්සත් ජාතික පක්ෂය උත්සහ කරන්නේ රටේ සිංහල ඡන්ද යම් ප්‍රතිශතයක් ලබාගෙන මුස්ලිම් සහ දෙමළ ඡන්ද වැඩි ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහනය කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසර් මුස්තාෆා මහතා මෙහිදී පවසා සිටියේ මේ රටේ සිටින සුළු ජාතිකයක් හැටියට මුස්ලිම් ජනතාව සිටිය යුත්තේ බහුතරය සිංහල ජනතාව සමඟ බවයි.

රටේ සිංහල බෞද්ධ නායකයෙක් නොමැතිව මුස්ලිම් ජනතාවගේ ප්‍රශන විසදා ගැනීමට නොහැතකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසර් මුස්තාෆා මහතා වැඩිදුරටත් පැවසීය.

බහුතර සිංහල ජනතාව සිටින ආණ්ඩුවකට සුළු ජාතිකයින් සහාය දැක්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අම්පාර දිස්ත්‍රික් ප්‍රාදේශීය සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් හමුවේදීයි. 

මෙහිදී අදහස් දැක්වු මන්ත්‍රීවරයා පවසා සිටියේ, සිංහල ජනතාව කොහෙ සිටින්නේ දැයි බැලිය යුතු බවයි.

සිංහල බහුතරයක් සිටින ආණ්ඩුවකට සුළු ජාතිකයින් සහයෝගය දෙන්නේ නම් එම ආණ්ඩුව ඉතාමත් ශක්තිමත් බවත් පැවසු මන්ත්‍රීවරයා, එක්සත් ජාතික පක්ෂය ලබා ගනු ලැබුවේ සියයට 22 ක් ලබා ගත් බවත් කියා සිටියේය.

ඇල්පිටිය යනු බහුතර සිංහල ආසනයක් බවත් පැවසු මන්ත්‍රීවරයා, පොහොට්ටුව සියයට 57 ක් ලබා ගත් බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සියයට 12 ක් ලබා ගත් බවත් පැවසීය.

එනිසා සමස්තයක් ලෙස පොදුජන පෙරමුණට සියයට 70 ක ඡන්ද ප්‍රතිශතයක් ලැබි ඇති බවත් ඒ නිසා ‍රට යන දිශාව අනුව අනිවාර්යයෙන්ම, ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ඇතිව නිසැකයෙන්ම ජයග්‍රහණය කරන බවත් කියා සිටියේය.

එනිසා සුළු ජාතිකයින් ලෙස තමන් ගෝඨාභය මහතාට සහය ලබා දිය යුතු බවත් එවිට සහජීවනයේ පංගුකරුවන් විය හැකි බවද පැවසු මන්ත්‍රීවරයා, ජාතිය නියෝජනය කරන පක්ෂ අම්පාර වැනි තැන්වල සිටින බවත් පැවසීය.

එම පක්ෂ බො‍හෝමයක් එක්සත් ජාතික පෙරමුණේ බවත් පැවසු ෆයිසර් මුස්තාෆා මහතා ඔවුන් තම ජාතිය ආරක්ෂා කරන බව පැවසුවත් පාස්කු ප්‍රහාරයෙන් පසුව ඔවුන්වවත් ආරක්ෂා කළ නොහැකි තත්ත්වයක් උදාවු බවත් කියා සිටියේය.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට නම් නිසැකයෙන්ම යුද්ධය දිනවු ගෝඨාභය මහතා ජනාධිපතිවරයා කළ යුතු බවත් පැවසු මන්ත්‍රීවරයා, ජාතික ආරක්ෂාවක් නොමැතිව සහජීවනයක් නොමැති බවත් පැවසීය.

 

ඉස්ලාම් අන්තවාදින් විනාශ කිරිම සඳහා සියලු  මුස්ලිම් ජාතිකයින්ගේ සහය හිමිවිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙම පිරිස මුස්ලිම් ජාතිකයින් නොවන බවත්, ත්‍රස්ථවාදීන් වන මෙම පිරිසට ආගමක් හෝ ජාතියක් නොමැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මොවුන් අතලොස්ස හේතුවෙන් අද වන විට මුස්ලිම් ප්‍රජාව යම් යම් තැන්වල කොන්වී ඇති බව ද මුස්තාපා මහතා වැඩිදුරටත් පැවසීය.

මුස්ලිම් ජනතාව කෙරෙහි ඇති ආදර බැඳීම ඈත්ව තිබෙන බවත්, එම ආදරය හා සහෝදර බැඳීම යළි ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ද මන්ත්‍රිවරයා සඳහන් කරයි.

අතලොස්සක් සිදු කල අපරාධය හේතුවෙන් සමාජයෙන් මුස්ලිම් ජනතාව කොන් නොකරන ලෙස ද ඉල්ලා සිටි මන්ත්‍රීවරයා, මෙවැනි තත්ත්වයක් ඇති වේයැයි නොසිතීම මුස්ලිම් දේශපාලඥයින් අතින් සිදුවු වැරැද්දක් බව ද පැවසීය.

ව්‍යවස්ථාදායක සභාව ගැන මේ දිනවල දැඩි කතාබහක් ඇතිව තිබේ. ඒ පිළිබඳ ඊයේ (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දී තිබුණේ  ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට අවභාවිත වෙමින් තිබෙන බවත් 19 වන සංශෝධනය නමැති සුජාත දරුවා අපචාරයට ලක්ව ඇති බව කරුණු පැහැදිලිව තමාට ප්‍රකාශ කළ හැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථාදායක සභාව විසින් කෙරෙන නිර්දේශ අනුව පත් කෙරෙන ස්වාධීන කොමිෂන් සභාත් බරපතළ විවේචනයට පත් කළ පසු එයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ප්‍රතිචාර දක්වා තිබිණි. එහිදී විපක්ෂ නායකවරයාද සඳහන් කර තිබුණේ වත්මන් ව්‍යවස්ථා සභාවේ කිසිදු ස්වාධීනත්වයක් නැති බැවින් වහාම එහි සංයුතිය වෙනස් කළ යුතු බවයි.

ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව ඇතුළාන්තය සහ 19යේ සුජාතභාවය පිළිබඳ සංවාදයට ලක්කිරීමට ඒෂියන් මිරර් ‘සංවාදය’ සජීවි දේශපාලන වැඩසටහන අද සහභාගී වන්නේ  එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතායි.

එම සජීවි වැඩසටහන ඒෂියන් මිරර් වෙබ් අඩවිය සහ ඒෂියන් මිරර් නිල ෆේස්බුක් පිටුව ඔස්සේ අද පස්වරු 05.30ට විකාශය කෙරේ.

එම වීඩියෝව පහතින්,

පළාත් සභාවල සියයට 25ක කාන්තා නියෝජනය සුරක්ෂිත කිරීම සඳහා තමන් හැකි උපරිමයෙන් කැපවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගීවෙමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය.

තමා තනිව හෝ පළාත් සභා මට්ටමින් කාන්තා නියෝජනය රැකීමට කටයුතු කරන බව ද මන්ත්‍රිවරයා මෙහිදී කියා සිටියේය.

පළාත් සභා මට්ටමින් හෝ ප්‍රාදේශීය සභා මට්ටමින් හෝ පාර්ලිමේන්තුවේ අද වන විට කාන්තා නියෝජනය සියයට 5කට වඩා අඩු ප්‍රතිශතයක් ඇති බව ද මන්ත්‍රීවරයා පැවසීය.

පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කලාපය දකින විට අද වන විට ජනතාවට බොහෝ කලකිරුණු ස්වභාවයක් දැකිය හැකි බව ද පැවසු මන්ත්‍රීවරයා හොඳ නියෝජිතයින් සෑම පක්ෂයක් තුළම සිටින බවත් වැරද්ද ඇත්තේ ඡන්ද දායකයින්ගේ බව ද කියා සිටියේය.



DLB Desktop