November 22, 2019

ජනාධිපතිවරණයේදී ඡන්දය සලකුණු කරන ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් දැනුවත් කිරීමක් සිදු කර ඇත.

ඒ මැතිවරණ කොමිෂන් සභාවේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙසේ පැවසීය.

“ඡන්දය දීම එක ඉලක්කමින් සලකුණු කළ යුතු බව කාරුණිකව දන්වා සිටිනු ලැබේ.

එයට අමතරව අවශ්‍ය නම් තවත් අපේක්ෂකයෙකුට හෝ අපේක්ෂකයන් දෙදෙනෙකුට ස්වකීය දෙවන මනාපය හා අදාළ වන පරිදි තුන් වන මනාපය සලකුණු කළ හැකිය.

ඒ සඳහා ඒ ඒ අපේක්ෂකයාට තම කැමැත්ත දක්වන පරිදි අදාළ අපේක්ෂකයාගේ නම හා ලකුණ ඇති තීරුවේ ලකුණට දකුණු පසින් දෙවන මනාපය සඳහා දෙක ඉලක්කමද, අනෙක් අපේක්ෂකයා සඳහා එපරදිම තුන්වන මනාපය දැක්වීම පරිදි තුන ඉලක්කමද, සලකුණු කළ හැකිය.

යම් කිසි ඡන්ද දායකයෙකු ඡන්දය පමණක්දීම සඳහා එක ඉලක්කම වෙනුවට අදාළ ස්ථානයේ සම්ප්‍රදායික කතිරය පමණක් සලකුණු කර තිබුණේ නම් එම ඡන්ද පත්‍රිකාව නිසි ලෙස ඡන්දය ලද වලංගු ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකුණු ලැබේ.“

යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ පෙර කළ ප්‍රකාශයක් ඔහුගේ රුව සහිතව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සති අන්ත පුවත්පතක පළ කළ දැන්වීම පිළිබඳව යුද හමුදාපතිවරයා ප්‍රකාශයක් කරනු ඇතැයි තමන් බලපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

ඊයේ (16) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ එම දැන්වීම වැරදි දැන්වීමක් බවයි. එසේම යුද ජයග්‍රහණය කිසියම් පක්ෂයකට අයිති නොමැති බවත් එය රටට අයිත් බවත් මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.

"යුද හමුදාපතිගේ ප්‍රකාශය ගැන දැන්වීම වැරදියි. අපි ඒ ගැන ඒ පක්ෂයට දැන්වූවා. ජනාධිපති ලේකම්වරයාටත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් මේ ගැන කරුණු දක්වන්න කියලා අපි ලිපි යොමුකළා. මේක කිසිඳු යහපත් දේශපාලනයකට අනුගත වෙන්නේ නෑ. මේ කරුණ ගැන අපි හිතනවා ලුතිනන් ජනරාල්වරයා ප්‍රකාශයක් නිකුත් කරයි කියලා. එහෙම කළේ නැත්නම් අපිට කියන්න තිබෙනවා එය එතුමා අනුමත කළා කියලා. විශ්‍රාමික හමුදා නිලධාරියෙක් නිල ඇදුමින් සිටින දැන්වීමක් පළ කරන්න බෑ. යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් සෑම පක්ෂයකට අයත් අය දායක්තවය දැක්වූවා. යුද ජයග්‍රහණය රටේ එකක් මිස පක්ෂයක එකක් නෙමෙයි."

නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අවසන් නිල ජන්ද ප්‍රතිපලය නිකුත් කිරීමේ හැකියාව ඇත්තේ නොවැම්බර් 18 වෙනිදා දහවල් වන විට බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.

මැතිවරණ කොමිසන් සභාවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙවර මැතිවරණය සඳහා තිබෙන ජන්ද පත්‍රිකාව විශාලත්වයෙන් අධිකවීම නිසා ජන්ද ගණන් කිරීමේදී දැඩි කාල වේලාවක් ගත වන බවය.

එමෙන්ම ඉදිරියේදී පළාත් පාලන මැතිවරණයකදී එක් පලාතක් තුල හෝ ඉලෙක්ට්‍රෝනික ජන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය පෙරහුරුවක් ලෙස පැවැත්වීය යුතු බව මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කර සිටියේය. ඒ සඳහා දැනට ඉන්දියාවේ සහය හෝ මොරටුව විශ්ව විද්‍යාලයේ සහය ලබා ගැනීමට හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙවර ජනපතිවරණයේදී ඡන්ද දායකයාට ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළව ලැබෙන ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් එසේත් නොමැතිනම් අඟල් 26ක් දිග වන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැත්වෙන විශේෂ හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ඒ අනුව උප පත්‍රිකාව අඟල් 2ක් හා තවත් අඟල් 24ක් දින ඡන්ද පත්‍රිකාවක් මෙවර නිකුත් කිරිමට නියමිතය.

මෙවර ජනපතිවරණය වෙනුවෙන් තරග කිරීමට වාර්තා ගත අපේක්ෂකයන් සංඛ්‍යාවක් වන 35 දෙනෙක් ඉදිරිපත්ව තිබීම මෙසේ ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් දක්වා දීර්ඝ වීමට හේතුවයි.

එසේම  අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් ජනපතිවරණය සඳහා යන වියදම ඉහළ යන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මෙවර ජනාධිපතිවරණය (2019) සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු අද (10) නාම යෝජනා බාර දී ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. 

ජනාධිපතිවණය වෙනුවෙන් අපේක්ෂකයින් 41 දෙනකු ඇප තැන්පත් කර තිබිණි.

 

මෙවර ජනපතිවරණයට යම් හෙයකින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් නොවන්නේ නම් මෙවර ජනපතිවරණය ඉතිහාසයට එක්වන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ අනුව බලයේ සිටින ජනපති, අගමැති මෙන්ම විපක්ෂනායක මෙන්ම හිටපු විපක්ෂනායකවරයෙක් ඉදිරිපත් නොවන පළමු ජනපතිවරණය මෙය වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

අද සිට දින 14 ක් ඇතුළත ජනාධිපතිවරණය පවත්වන නිශ්චිත දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අන්තර් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී දින සැමරුම් උළෙලට අද රත්තපුරදී එක්වෙමිනි.

ඒ පිළිබඳව මැතිවරණ කොමිසන් සභාවේ රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර එහිදී බොහෝ දුරට දිනය තීරණය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා ප්‍රකාශ කලේය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව පිළිබඳ ජනපති කළ කරුණු විමසීමට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය අගෝස්තු 23 වැනිදා කරුණු විභාගය ආරම්භ කරනු ඇතැයි ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉන් පසු ඉදිරි දිනකදී ශ්‍රේෂ්ඨාධිකරණ මතය ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවයි.

නව සීමානිර්ණ වාර්තාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය නොලැබීම හේතුවෙන් පළාත් සභා ඡන්දය නව ක්‍රමයට පැවැත්වීමට බාධා එල්ල වූ අතර ඒ අනුව අදාල සංශෝධන සිදුකිරීමට එය අගමැති ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් හමුවට යොමුකෙරුණි.

එහෙත් ඒ සම්බන්ධයෙන් අවසන් පියවරක් මේ දක්වා ගෙන නොමැති අතර ඌව පළාත් සභාව හැර අනෙකුත් පළාත් සභා අටේම නිලකාලයද අවසන්ව තිබේ.

මෙම වාතාවරණය තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යවස්ථාවේ 129 වගන්තියෙන් ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව නීතිපති මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ ජනපති කළ විමසීම සම්බන්ධයෙන් බොහෝදුරට එළැඹෙන අගෝස්තු 23 වැනිදා අධිකරණය කරුණු විභාගය ආරම්භ කරනු ඇති බවයි.

එහෙත් මෙය ජනාධිපතිවරණය යටපත් කිරීමේ සූදානමක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා චෝදනා කළේය.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ තරුණයෝ නම් සංවිධානය වයස අවුරුදු 18 වැඩි සෑම තරුණ තරුණියකටම මීලඟ මැතිවරණයේදී ඡන්ද බලය ලබාදෙන ලෙස ඉල්ලමින් අද මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

පසුව ඔවුන් ඒ සම්බන්ධයෙන් වන ලිපියක්ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත භාරදෙනු ලැබුවේය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අලූතින්ම දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම කිසිසේත්ම සිදු නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසීය.

එහෙත් දැනට ලියාපදිංචි වී ඇති පක්ෂවල නම් වෙනස් කිරීමක් සිදු කිරීමට නීතියට අනුව හැකි බවජද ඒ මහතා කීය.

ඊට අමතරව පක්ෂවල නම් වෙනස් කළද පක්ෂ ලාංඡනවල වෙනස් කිරීම් කළ නොහැකි බවද සභාපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරණයට තරග කිරීමට ප‍්‍රධාන පක්ෂ කිහිපයක්ම සන්ධාන ගොඩ නගමින් සිටින අතර එම සන්ධාන ජනාධිපතිවරණයට තරග කිරීමට ඇති හැකියාව සම්බන්ධව කළ විමසීමකදී සභාපතිවරයා මේ බව කීය.

ජනාධිපතිවරණය පැවැත්වීම කිසිසේත් කල්නොයන අතර එය අනිවාර්යෙන්ම නොවැම්බර් මස 15 ත් දෙසැම්බර් මස 7 වැනි දිනත් අතර කාලයේ දී පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරිය, මැතිවරණ කොමිසන් සභා ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ජනාධිපතිවරයා සිය ධූරකාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධීකරණයෙන් මතය විමසීමක් සිදුනොකරන බව ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී අනාවරණය වූ බවද එහිදී දේශප්‍රිය මහතා කීය.

ඒ නිසා ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව ඇති වුණොත් මිසක වෙනත් කිසිදු හේතුවක් මත ජනාධිපතිවරණය කල් නොයන බවද එහිදී මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 400ක පමණ වියදමක් දැරීමට සිදුවන බවද ඔහු කීය.

Page 1 of 3