April 20, 2024

අයියා ජනාධිපති වෙලා රටට හොඳක් කරයි කියලා මාත් හිතුවේ - ඒත් කරනවා තියා, ලැජ්ජයි Featured

September 28, 2020

මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනාධිපති බවට පත්වී රටට යහපතක් කරනු ඇතැයි තමන් ද බලාපොරොත්තු වූ නමුත් ඔහු සමඟ එක්ව සිටි එක්සත් ජාතික පක්ෂයේ නායකයින් නිසා එය නොහැකි වූ බවත් සිදුවූ දෑ ලැජ්ජාවට කාරණයක් බවත් ඒ මහතාගේ සොයුරු, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. 

"අයියා රටේ ජනාධිපති වුණාම ඇත්තටම මම නම් හිතුවා යම්කිසි රටට යහපත් වැඩපිළිවෙලක් කරයි කියලා, ඒ කරන්න වුවමනාවත් තිබ්බා. නමුත් කරනවා තියා ලැජ්ජයි, අයියා ගැන නෙවෙයි අපේ විශ්වාසය තියපු මිනිස්සු ගැන. අයියා මේ රටේ ජනාධිපති වෙන්න ඡන්දෙ දුන්නෙ එක්සත් ජාතික පාක්ෂිකයොනෙ ප්‍රධාන වශයෙන්. අපි ඒ මිනිස්සුන්ට එහෙම නිගා කරන එක ඒ ඒ ... එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයට පහළ සාමාජිකත්වයට ඉහළින් හිටපු ඔය මම කියන නායකයින්ගේ තියෙන වැරදි අඩුපාඩුවේ තරම දැන් ඒ මිනිස්සු නැත්තට නැතිවෙන තරමට පත්වුණානෙ රටේ. මේකනෙ මේකෙ තත්වෙ" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

ඩඩ්ලි සිරිසේන මහතා මේ බව පැවසුවේ ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමිනි. 

Rate this item
(0 votes)