රියදුරු බලපත්‍ර ලබාදීමේදී ඒ සඳහා යම් ලකුණු ප්‍රමාණයක් ලබාදී අනතුරුව රියදුරා විසින් සිදුකරන වැරදිවලට අනුව එම ලකුණු ක්‍රමයෙන් අඩුවීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ඒ අනුව, ක්‍රමයෙන් අඩුවන ලකුණු සංඛ්‍යාව බින්දුවක් වූ විට අදාළ රියදුරු බලපත්‍රය අහෝසි වේ.
එම රියදුරුට යළි රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව ද එහිදී අහිමි වන බව ඇමැතිවරයා පැවසීය.