April 23, 2024

එජාප උප නායක හා ජාතික සංවිධායක ධූර පුරප්පාඩු වෙයි

September 27, 2020

එජාපයේ උප නායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවින් දිසානායක ඇතුළු පිරිසක් හිටපු කතානායක කරු ජයසුරිය මහතා විසින් පිහිටුවීමට නියමිත නව පක්ෂයට සම්බන්ධ වීමට සුදානම් වේ.

මේ වන විට කරු ජයසුරිය මහතා සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සභාපති ධුරය දරන අතර ඊට සමගාමිව මේ නව දේශපාලන පක්ෂය ද පිහිටුවීමට නියමිතය.

කරු ජයසුරිය මහතා එජාප නායකත්වයට ගෙන ඒමට රවී කරුණානායක හා නවින් දිසානායක යන මහත්වරුන් මුල් වී කටයුතු කළ මුත් එය අසාර්ථක විය.

පසුගිය දා එජාප නියෝජ්‍ය නායක ධූරය සඳහා පැවති ජන්දයේදී කරුණානායක මහතා පරදා රුවන් විජේවර්ධන මහතා ජයග්‍රහණය කළ අතර එම ජන්දය පැවැත්වීමට සුළු මොහොතකට පෙර එජාපයේ වර්තමාන උප නායකයා ලෙස තමාට පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය හිමි විය යුතු බව කරුණානායක මහතා වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කර තිබෙන බවද දැනගන්නට තිබේ.

Rate this item
(0 votes)