April 18, 2024

20 ගැන අග්‍රාමාත්‍ය කමිටු නිර්දේශ ස්ථිරවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා

September 27, 2020

පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කළ කමිටුවේ නිර්දේශ එම ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගන්නා අවස්ථාවේදී ඉදිරිපත් කරන බව විමල් විරවංශ අමාත්‍යවරයා සඳහන් කරයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් 19 වන ව්‍යවස්ථාව අහෝසි කිරීමට රජය බලාපොරොත්තු වන අතර ඉන් අග්‍රාමාත්‍යවරයා සතු බලතල රැසක් ජනපතිට හිමි වීමට නියමිතය.

ඒ තත්වය මත මේ සංශෝධන ගැන සොයා බැලීමට මහාචාර්ය ජි.එල්.පිරිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් අගමැති විසින් පත් කරන ලදී.

විමල් විරවංශ අමාත්‍යවරයා ද ඒ කමිටුවේ සාමාජිකයෙකි.

එම කමිටුවේ නිර්දේශ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැති බවත් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාද පැවැත්වෙන අවස්ථාවේ ඒවා ඉදිරිපත් කරන ලෙස ජනපති එම කමිටුවට උපදෙස් දී තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ බලතල කොයිම ආකාරයෙන්වත් අඩු කිරීමට ඉඩ නොතබන බවට මහින්දාන්නද අලුත්ගමගේ අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරන ලදී.

Rate this item
(0 votes)