April 20, 2024

මම මිනිහෙක් ගෙනත් දැම්මා නායකත්වයට - මිනිහා පක්ෂය කෑලි කෑලි වලට කැඩුවා

September 27, 2020

තමා පක්ෂය රැක ගැනීම සඳහා මිනිහෙක් ගෙනත් දැම්ම බවත් ඔහු පක්ෂය සී සීකඩ කඩා දැමු බව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය චෝදනා කරයි.

එසේ ඇය ගෙනත් දැම්ම මිනිසා ලෙස හැඳින්වූයේ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාය.

ශ්‍රීලනිපය අන් පක්ෂ මෙන් පවුලේ බුදලක් බවට තමා පත් නොකර ගත්ත බවද පවසන කුමාරතුංග මහත්මිය කිසිවිටෙකත් තමා පවුලේ උදවිය දමා පක්ෂය ඉදිරියට ගෙන යාමට කටයුතු නොකළ බවද පෙන්වා දෙයි.

ශ්‍රීලනිපය දැන් තිබෙන්නේ වළ පාමුල බවද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

හිටපු ජනපතිනිය මෙම අදහස් පළ කළේ ඊයේ (26) යෙදී තිබුණු ශ්‍රීලනිපයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 61 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් පැවති උත්සව අවස්ථාවේදීය.

Rate this item
(1 Vote)