March 29, 2024

ශ්‍රීලනිපය යලි ගොඩ ගන්න බැහැ - ඉතුරු වෙලා ඉන්නෙත් ඔක්කොම හොරු

September 27, 2020

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යලි ගොඩ නැගීමට නොහැකි බව හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

දැන් ඉතිරිව සිටින්නේ හොරු ටික පමණක් බවද ඇය අවධාරණය කරයි.

තමාව පක්ෂයෙන් පන්නා තිබුනද පක්ෂය යලි ගොඩ නැගීමට හැකි දැයි තමා සොයා බැලූ බව සඳහන් කරන කුමාරතුංග මහත්මිය පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්තිය වූ වංචාවට එරෙහි වීම බවත් ඒත් අද පක්ෂයේ එවන්නෙකු සොයා ගැනීමට නොහැකි බවද සඳහන් කරයි.

හිටපු ජනපතිනිය මෙම අදහස් පළ කළේ ඊයේ (26) යෙදී තිබුණු ශ්‍රීලනිපයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 61 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් පැවති උත්සව අවස්ථාවේදී පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, හිටපු සභාපතිවරයෙකු වූ රෝහණ ලක්ෂමන් පියදාස යන මහත්වරුන් අසල සිටි අවස්ථාවේදීය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 September 2020 20:20