April 19, 2024

නරි මඩින්ට විශේෂ කණ්ඩායමක් - දැනුම් දෙන්න විශේෂ අංක දෙකක්

September 25, 2020

කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රදේශයට නරි උවදුර නිසා ඇති විය හැකි ජලභීතිකා රෝගයෙන් ප්‍රදේශවාසීන් බේරා ගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සි.බි රත්නායක මහතා එම ප්‍රදේශයේ ජනතාවට දැනුම් දෙයි.

ඊට අදාළ තොරතුරු බලධාරීන් වෙත ඉතා කඩිනමින් දැනුම් දීම සදහා 1992 හා 1991 යන ක්ෂණික ඇමතුම් අංක දෙකක්ද ප්‍රදේශවාසීන් වෙත හඳුන්වා දී තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

විශේෂයෙන්ම බල්ලන් විසින් නරියන් හපා කෑම මෙන්ම නරියන් විසින් ප්‍රදේශවාසීන් සපාකෑම් මත ව්‍යාප්ත විය හැකි ජලභීතිකා රෝගය මර්දනය කිරීම එම කණ්ඩායමේ ප්‍රධාන අරමුණ බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 September 2020 10:41