April 19, 2024

පාතාල කල්ලි ගැටුම උග්‍ර අතට! රොහාගේ මළගෙදර යන සියලුදෙනා බාවන බවට කුඩු අංජුගෙන් මරණ තර්ජන

September 24, 2020

ඝාතනයට ලක්වූ ගොනා කෝවිල රොහාගේ ප්‍රතිවිරුද්ධ කල්ලි නායකයා වූ "කුඩු අංජු" ඉතාලියේ සිට රොහාගේ මළගෙදරට යන සියලුදෙනාම බාවන බවට ඉතාලියේ සිට අනතුරු හඟවා ඇත.

රොහාගේ මළ සිරුර තම බල ප්‍රදේශය වන ගල්කිස්සට රැගෙන නොඑන ලෙසත්, රෝහලේදීම මිනිය වළදමන ලෙසත් අංජු අනතුරු හඟවා ඇතැයි වාර්තා වේ.

ගල්කිස්ස කුඩු පාතලයේ කිරුළ වෙනුවෙන් සටන් කළ ගොනා කෝවිලේ රොහාට එරෙහිව ගොනා කෝවිලේ අංජු සටනට ප්‍රවිශ්ඨ වන්නේ තම සොහායුරා වන ලංසියා රොහාගෙන් ඝාතනය වීමත් සමගය.

රොහාව ඝාතනය කරන ඕනෑම කෙනෙක්ට රුපියල් කෝටි 3ක් දෙන බවද අංජු මීට පෙර ප්‍රසිද්ධියේ කියා තිබුණි.

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දේවමුණි හැරල් රෝහණ ද සිල්වා හෙවත් “රත්මලානේ රොහා“ පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් ඊයේ (23) රාත්‍රියේ දී ඝාතනයට ලක්විය.

එම ෆේස්බුක් සටහන පහතින්,

අරුණ

Rate this item
(1 Vote)

Related items