April 19, 2024

අතාවුල්ලාගේ ඇඳුමටත් විරෝධය - ඇෆ්ගන් ඇඳුමක් දැයි ප්‍රශ්න කරයි

September 22, 2020

ජාතික කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එල්.එම්.අතාවුල්ලා මහතා පාර්ලිමේන්තුවට ඇඳගෙන පැමිණි ඇඳුම නොගැලපෙන බවට විපක්ෂය කතානායකවරයා වෙත චෝදනා කරන ලදී.

එම චෝදනාව ඉදිරිපත් කරන ලද්දේ විපක්ෂයේ නියෝජනය කරන නලින් බණ්ඩාර මහතා විසිනි.

ඒ අවස්ථාවේ කතානායකවරයා සභාවට දැනුම් දුන්නේ අතාවුල්ලා මහතා ඇඳ සිටින්නේ ඔහුගේ ජාතික ඇඳුම බවය.

අතාවුල්ලා මහතා දෙසට කැමරාව නොදැමීම සම්බන්ධයෙන් ද විපක්ෂයේ විරෝධය එල්ල විය.

අතාවුල්ලා මහතා පැමිණ සිටින්නේ ඇෆ්ගනිස්තාන් ඇඳුමක් දැයි එහිදී මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රශ්න කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 September 2020 13:24