March 29, 2024

20 අති භයානකයි - ඊට ඉඩ දිය නොහැකියි

September 22, 2020

ගෝඨාභය රාජපක්ෂ මහතාට ලක්ෂ 69 ජනතාව ඡන්දය දුන්නා කියා හෝ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණා කියා එම ජනමතය අපහරණය කරන්න ඉඩ දිය නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා සඳහන් කරයි.

සමගි ජනබලවේගයේ ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

විගණන කොමිසම අහෝසි කිරීමට ඉඩ දිය නොහැකි බවත්, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට ඉඩ දීම වරදක් බවත් එක් පුද්ගලයෙකුට බලය කේන්ද්‍රගත වීමට ඉඩදිය නොහැකි බවත් ඔහු පැවසීය.

විසිවන සංශෝධනය අති භයානක ව්‍යවස්ථා සංශෝධනයක් යැයිද ඔහු සඳහන් කළේය.

Rate this item
(0 votes)