March 29, 2024

රැම්සා ප්‍රශ්නය මතු කල ජවිපෙ, දිස්ත්‍රික් නායකයාටත් ඔය රක්ෂිතයේ ඉස්සන් කොටුවක් තියනවා

September 22, 2020

ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් රක්ෂිතයේ ප්‍රශ්නය හෙළිදරව් කළේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සිටින ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකු බව සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා හෙළිදරව් කරයි.

එහෙත් පුත්තලම දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණ නායකයාටද මෙම රැම්සා තෙත්බිම් රක්ෂිතයේ ඉස්සෝ ගොවිපලක් තිබෙන බව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා නොදන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා හෙළිදරව් කරයි.

මෙම ගොවිපල පිළිබඳ සිද්ධිය ගැන සෙවීමට බස් රථයක් පුරවා පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් ද එය නොදැන සිටි බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම ගොවිපල ද වීඩියෝ කර පෙන්වූයේ නම් වඩාත් සුදුසු බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)

Related items