April 19, 2024

දේවානි ජයතිලක වැරදියි - ඇය හැසුරුණේ වට්ටි අම්මා කෙනෙක් විදියටයි

September 22, 2020

මීට වසරකට පමණ පෙර රටේ විශාල අවධානයක් යොමු වූ මීගමුව කඩොලාන කැපීමේ ආන්දෝලාත්මක සිද්ධියේදී අඩවි වන නිලධාරි දේවානි ජයතිලක මහත්මිය කටයුතු කළ ආකාරය වැරදි බව එම සිද්ධියට මැදිහත් වූ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා යලිත් අවධාරණය කරයි.

එවකට ධීවර රාජ්‍ය අමාත්‍ය ධූරය දැරූ සනත් නිශාන්ත මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කරන්නේ එම සිද්ධිය වූ අවස්ථාවේ දේවානී ජයතිලකට තමන් රාජ්‍ය නිලධාරිනියක් ද එසේත් නැත්නම් වට්ටි අම්මා කෙනෙක් ද යන්න තේරුම් ගැනීමට නොහැකි වූ බවය.

ඇය එම අවස්ථාවේ හැසුරුණේ වට්ටි අම්මා කෙනෙක් ලෙස බව සඳහන් කරන සනත් නිශාන්ත මහතා එතැන සිටි නූගත් ධීවරයින්ගෙන් ඇය ගුටි නොකා බේරුනේ තමන් නිසා බව ද පෙන්වා දෙයි.

මේ සිද්ධියේදී දේශපාලනයේ ඉහළම ඉන්න කෙනෙක් තමාට කතා කර තමාගේ ඉවසීම ගැන අගය කළ අතර තමා කොයි මොහොතේ හෝ අර ගෑනිගේ මුහුණට ගසා විද යන බියෙන් ඔහු සිටි බව තමාට ප්‍රකාශ කළ බව සනත් නිශාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබුණේ යූටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවට එක්වෙමිනි.

Rate this item
(0 votes)

Related items