එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාව කොයි ආකාරයකින් හෝ සමගී ජන බලවේගයට සම්බන්ධ කර ගත හොත් තමන් ස්වාධීන වන බව කුරුණෑගල දිස්ත්‍රික් සමඟි ජන බලවේග මන්ත්‍රීවරුන් 4 දෙනා පක්ෂයේ ඉහල නිලයන්ට දැනුම් දී තිබේ.
අකිල විරාජ් කාරියවසම් මහතා ද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන අතර ඔහු පැවැති යහපාලන ආණ්ඩු සමයේ දිස්ත්‍රික්කය තුල ප්‍රතිරූපය ගොඩ නැගීම වස් කටයුතු කල බවත් එහිදී එජාපය නියෝජනය කරන අන් මන්ත්‍රීවරුන් ව කිසිදු තැකීමකට ලක් නොකළ බවට ස්වාධින වීමට තීරණය කොට තිබෙන මන්ත්‍රීවරු චෝදනා කරයි.
නලින් බණ්ඩාර, ජේ.සි.අලවතුවල, අසෝක අබේසිංහ සහ තුෂාර ඉඳුනිල් යන මහත්වරුන් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වේ.