March 29, 2024

ආණ්ඩුවට මගේ සම්පුර්ණ සහය - ෆොන්සේකා Featured

September 19, 2020

රජය විසින් මේ දිනවල අත්හදා බලමින් තිබෙන මංතීරු නීතිය ඉතාම හොඳ එකක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

තමන් ද මේ දිනවල තම අලුත් රියදුරාට මංතීරු නීතිය නිසි ආකාරයෙන් උගන්වමින් සිටින බවද ඔහු පවසයි.

ජනතාවගේ ආරක්ෂාවටත් වාහනවල ආරක්ෂාවටත් මංතීරු නීතිය අනිවාර්යයෙන් පිළිපැදිය යුතු කරුණක් බව ඔහුගේ අදහසයි.

මංතීරු නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා මාර්ග අනතුරු සිදුවීම ඉහළ යන බව ද පැවසූ ඔහු එම නීති තද කිරීමට සම්පූර්ණ සහයෝගය ආණ්ඩුවට ලබා දෙන බවද පැවසුවේය.

Rate this item
(0 votes)