March 28, 2024

රුවන්ගෙන් සජිත්ට ඇමතුමක්! එජාප - සජබ එක්වන්න සාකච්ඡා

September 18, 2020

සමගි ජන බලවේගය සමඟ සුහදත්වයක් ගොඩනගා ගනිමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (17) ජාතික සේවක සංගම් මූලස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි. 

එහිදී මාධ්‍යවේදීන් රුවන් විජේවර්ධන මහතාගෙන් විමසා සිටියේ දුරකථනයෙන් කොල් එකක්වත් ආවේ නැද්ද සජිත්ගෙන් යනුවෙනි. 

ඊට පිළිතුරු දෙමින් එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කළේ “ආවා ආවා... මම ඊයේ කථාකරා.. සජිත් ප්‍රේමදාස මහතාටත් කථා කළා, රංජිත් මද්දුදම බණ්ඩා මහතාටත් කථා කළා, සමගි ජන බලවේගයේ අපේ මිත්‍රවරුන්නේ ඉන්නේ ගොඩක් අය කථා කරලා සුබ පැතුවා. ඇත්තෙන්ම අපිට පුළුවන් ඉදිරියේදී එකට වැඩ කරන්න“

Rate this item
(0 votes)