April 18, 2024

20 හැදුණ හැටි ගැන කැබිනට් මාධ්‍ය හමුවේදී ද මත දෙකක් පළ වේ

September 18, 2020

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කරන ලද්දේ කවුරුන්ද යන්න ඊයේ (17) අමාත්‍ය මණ්ඩල දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පරස්පර මත දෙකක් ප්‍රකාශ වී තිබේ.

ඒ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා හා සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ අමාත්‍යවරයා වෙතිනි.

එම මාධ්‍ය හමුවේදී ඉහත සඳහන් ප්‍රශ්නය පැන නැගී ඇති අතර ඊට පිළිතුරු දෙමින් රඹුක්වැල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන්නේ 20 වන සංශෝධනය ජනාධිපතිවරයා විසින් කෙටුම්පත් කළ බවත් ඒ සඳහා ජනාධිපතිවරයාට අයිතියක් තිබෙන බවත්ය.

එහෙත් එහිදී රමේෂ් පතිරණ අමාත්‍යවරයා සඳහන් කළේ එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සකස් කළ ලද්දක් බවය.

20 සංශෝධනය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද බව මුලින්ම අනාවරණය කරන ලද්දේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාය.

20 සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ද මෙම පනත් කෙටුම්පත සකස් කරන ලද්දේ කවුරුන් ද යන්න පිළිබඳව පිළිතුරක් දීමට අපොහොසත් වී සිටියි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 September 2020 21:47