April 23, 2024

ඇමති ගම්මන්පිලගෙන් දුටුගැමුණු - ගෝඨාභය සංසන්දනයක්

September 18, 2020

‘මා පැමිණියේ බුද්ධ ශාසනයේ බේරාගැනීමටයි’ යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ භාර ගනිමින් පැවසූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

දුටුගැමුණු රජුගෙන් පසු මෙවන් ප්‍රකාශයක් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බව ද ඒ මහතා කියා සිටියේ මාවනැල්ල දෙවනගල පුදබිමේ නිරීක්ෂණ චාරිකාවට එක් වෙමිනි.

දෙවනගල පුදබිමේ ආරක්ෂාව වෙනුවෙන් හමුදා අනුඛණ්ඩය ද වීම ගැන ආරක්ෂක ලේකම්වරයාගේ අවදානය යොමු කරන බවද එහිදී ඇමැතිවරයා කියා සිටියේය.

දෙවනගල දැනට සිදු වී ඇති හානිය ලොවට හෙළි වූ පසු එම ස්ථානයට පැමිණි පළමු කැබිනට් ඇමතිවරයා ලෙස මෙම සත්‍ය තත්ත්වය ලෝකයටත් විශේෂයෙන්ම ආණ්ඩුවේත් අවධානය යොමු කිරීම තමන්ගේ වගකීමක් බවත් මීළඟ කැබිනට් මණ්ඩලයේදී ඒ ගැන අවධානය යොමුකරන බවත් එහිදී ඔහු තව දුරටත් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 September 2020 09:19