April 19, 2024

එළඹෙන මාස දෙක ඉතා තීරණාත්මකයි - මාරාන්තික කොරෝනා රැල්ලක් ආරම්භ වීමේ අනතුරු ඇඟවීමක්

September 18, 2020

එළඹෙන ඔක්තෝබර් හා නොවැම්බර් මාස වලදී කොරෝනා වසංගතය හේතුවෙන් සිදුවන වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපය භාර අධ්‍යක්ෂ හෑන්ස් ක්ලෝජ් ප්‍රංශ පුවත් සේවයට ප්‍රකාශ කොට තිබේ.

විශේෂයෙන්ම ඉදිරි මාස දෙක තුළ යුරෝපයේ හා බ්‍රසීලයේ මෙන්ම අසල්වැසි ඉන්දියාවේ කොරෝනා වසංගතයෙන් සිදුවිය හැකි වැඩිම මරණ සංඛ්‍යාව සිදුවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකතනය කොට තිබෙන බවද ඔහු ප්‍රංශ පුවත් සේවයට ප්‍රකාශ කොට තිබේ.

ඔක්තෝම්බර් හා නොවැම්බර් යන මාස දෙක තුළ ව්‍යාප්ත වන මෙම කොරෝනා රැල්ල හේතුවෙන් ලොව පුරා නව කොරෝනා රැල්ලක ආරම්භයක් ද සිදුවන බව එම ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් වාර්තා කොට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 September 2020 14:19