April 20, 2024

ආනවිලුන්දාව පරිසර විනාශයේ ප්‍රධාන සැකකරු තවමත් නිදැල්ලේ

September 18, 2020

අනවිලුන්දාව රම්සා තෙත්බිම් රක්ෂිතයේ ඉස්සන් කොටුවක් දැමීම සඳහා අක්කර 2 ක භූමි ප්‍රමාණයක් ඩෝසර් කිරීමට උපදෙස් දුන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරා වන ජගත් සමන්ත මහතා තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවට වයඹ  පරිසර සංවිධාන චෝදනා කරයි.

ආනවිලුන්දාව රක්ෂිතය සිදු වූ මෙම පරිසර විනාශය පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට වනජීවී සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා විසින් කමිටුවක් පත් කරන ලද අතර එහි වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදී. අදාළ සිද්ධියට වගකිව යුතු ප්‍රධානතම පුද්ගලයා වන්නේ ජගත් සමන්ත මහතා බව එම වාර්තාවේ සඳහන්ව තිබුණි.

එහෙත් මේ වන තුරුත් ඔහු අත්අඩංගුවට ගැනීමට ආරච්චිකට්ටුව පොලිසිය කටයුතු කර නොමැති බව වයඹ පරිසර සංවිධාන පෙන්වා දෙයි.

ජගත් සමන්ත මහතා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන අතර ඊට පෙර එම ප්‍රාදේශීය සභාපතිත්වය දැරුවේ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 September 2020 15:42