April 24, 2024

බන්ධනාගාරය ඇතුළේ රැඳවියෙකු සියදිවි නසා ගනී

September 17, 2020

කළුතර බන්ධනාගාරයේ රදවා සිටි රැඳවියෙක් ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පුද්ගලයෙකු මෙලෙස සියදිවි හානිකර ගෙන ඇති බව පොලීසිය පැවසීය.

මියගොස් ඇත්තේ අඟුලාන ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ පුද්ගලයා පසුගිය 15 වන දින හොරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරු බන්ධනාගාර වැසිකිළිය තුළ දී සිය ඇඳුමක් ආධාරයෙන් සියදිවි හානි කරගෙන ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මළ සිරුර නාගොඩ රෝහලේ තබා ඇති බව  සඳහන් වේ.

Rate this item
(0 votes)

Related items