March 29, 2024

20 කෙටුම්පතේ කරුණු කිහිපයක් සංශෝධනයට නිර්දේශ කෙරේ

September 15, 2020

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ විවේචනයට ලක්වූ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට, ඒ පිළිබඳ සොයාබලා නිගමන ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයා පත්කළ කමිටුව තිරණය කර ඇති බව වාර්තා වේ.

මෙහිදී කමිටුවේ යෝජනා කිහිපයකටම අග්‍රාමාත්‍යවරයා එකඟතාව පළකිරීම විශේෂත්වයකි.

යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව අඩුපාඩු සොයාබලා වාර්තාවක් ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත්කළ, සාමාජිකයින් 9දෙනෙකුගෙන් යුතු කමිටුව ඊයේ (14) පස්වරුවේ එහි සභාපතී අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරීස් මහතාගේ කොළඹ පිහිටි නිවසේදි රැස්විය

ඒ අනුව එම කමිටුවේ නිරීක්ෂණ සහ නිගමන අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත එම කමිටු සාමාජිකයින් විසින් අරලිය ගහ මන්දිරයේදී (15) භාරදුන්නේය.

මේහිදි 20 වන සංශෝධණය සම්බන්ධයෙන් කළ අධ්‍යයනයේදී හඳනාගත් අලුතින් එක් කළ යුතු හා සංශෝධනය කළ යුතු කරුණු සම්බන්ධයෙන් අදාළ කමිටු සමාජිකයින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

අදාළ කමිටු වාර්තාව හෙට (16) කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)