April 24, 2024

20 අපි හොඳට සුද්ධ කළා - උයන පිහන වැඩේ ජනපතිගේ හා අගමැතිගේ අතේ

September 16, 2020

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සොයාබැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කළ කමිටුවේ නිර්දේශ ලබා දෙන්නේ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට පමණක් බවත් ඒවා ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ඔවුන් දෙදෙනා සාමුහිකව ගතයුතු බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. 

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සොයාබැලීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කළ කමිටුව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

"අපි කළ නිරීක්ෂණ නිගමන ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් දැනුම් දීමට තීරණය කළා. අද රෑ ගෙදර ගිහිල්ලා මේවා ලියලා කරලා . ඒවගේම අපි ආපු නිරීක්ෂණ නිගමන අපි දැනුම් දෙන්නේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් පමණයි. වෙනස් වියයුතු කාරණා පිළිබඳ අපි යම් යම් නිර්දේශ හඳුනාගත්තා. අවසාන වශයෙන් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් සාමුහිකව තීන්දු කළ යුතුයි මේවා වෙනස් කිරීම්වලට භාජනය කරනවාද නැද්ද කියන එක. අඩුපාඩු පිළිබඳ අපි අද දීර්ඝ, කර්කෂ විවේචනවල යෙදුණා. ඒවායේ ප්‍රතිඵල ඉදිරියේදී දකින්න පුළුවන් වේවි. රටට අහිතකරයි කියලා අපි හිතන සෑම දෙයක්ම පිළිබඳ අපි දීර්ඝව සාකච්ඡා කරලා ඒ පිළිබඳ අපේ නිරීක්ෂණ සහ නිගමන ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් දැනුම් දීමට තීරණය කළා" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

Rate this item
(0 votes)