March 29, 2024

රවී එජාපයේ නියෝජ්‍ය නායකකමට ඉල්ලා පරාජය වූයේ දෙවැනි වතාවට Featured

September 16, 2020

රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට තරග කොට මේ වන විට දෙවතාවක් ම පරාජය වී තිබීම විශේෂත්වයකි.

ඉකුත්දා 14 වැනිදා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරය සඳහා රුවන් විජේවර්ධන මහතාට එරෙහිව රවි කරුණානායක මහතා ද ඉදිරිපත් වූ අතර ඒ සඳහා පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩලයේ පැවති ඡන්දයේ දී කරුණානායක මහතා පරාජයට පත්විය.

මීට පෙර 2012 වර්ෂයේදී ද සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව නියෝජ නායක ධුරය සඳහා රවි කරුණානායක මහතාද තරග කළ අතර එහිදී ද කරුණානායක මහතා පරාජයට පත්විය.

එම අවස්ථාවේදී පක්ෂ නායකත්වය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කරූ ජයසූරිය මහතාත් ජාතික සංවිධායක ධූරය සඳහා දයා ගමගේ මහතාට එරෙහිව  දයාසිරි ජයසේකර මහතාද තරඟ කරන ලදී. එහිදී කරූ ජයසූරිය මහතා පරාජය කරමින් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයටත් දයාසිරි ජයසේකර මහතා පරාජය කරමින් දයා ගමගේ මහතා ජාතික සංවිධායක ධූරයට පත්විය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 September 2020 15:59