April 18, 2024

මුස්ලිම් අන්තවාදයට අතාවුල්ලාත් උදව් කළා - හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති Featured

September 14, 2020

නැගෙනහිර මුස්ලිම් අන්තවාදයට එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්ගේ පමණක් නොව ඒ.එල්.එම් අතාවුල්ලා මහතාගේ ද සහයෝගය ලැබුණු බව නැගෙනහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඩ්වින් ගුණතිලක මහතා අනාවරණය කොට තිබේ.

ඒ තිදෙනාම 2015 වන තෙක් බලයේ සිටි මහින්ද රාජපක්ෂ රජයේ අමාත්‍ය ධූර දැරූ බවද ගුණතිලක මහතා පෙන්වා දී තිබෙයි.

එඩ්වින් ගුණතිලක මහතා මෙම කරුණු අනාවරණය කොට තිබෙන්නේ අප්‍රේල් 21 පාස්කු ඉරුදින සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ගැන සෙවීමට පත් කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දෙමිනි.

ඒ.එල්.එම් අතාවුල්ලා මහතා මෙවර මහා මැතිවරණයේ දී ජාතික කොංග්‍රසය නියෝජනය කරමින් අම්පාර දිස්ත්‍රික්කයට තරගකොට පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින අතර ඔහු පාලක පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සන්ධාන ගත පාර්ශවයකි.

ආතවුල්ලා මහතා බොහෝ කලක සිට මහින්ද රාජපක්ෂ පාර්ශවයට සහයෝගය දැක්වූ අයෙකි.



Rate this item
(0 votes)
Last modified on Sunday, 13 September 2020 22:16