March 29, 2024

රාජ්‍ය ඇමතිවරු තිදෙනෙකුට නිල ජායාරූපය වැදගත් නෑලු

ඊයේ මහනුවර මඟුල් මඩුවේදී පැවති ඇමති මණ්ඩලයේ දිවුරුම් දීමේ අවස්ථාවෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමේ අවස්ථාව සඳහා රාජ්‍ය ඇමතිවරුන් තිදෙනකු සහභාගි නොවූ බව වාර්තා වේ.

ලොහාන් රත්වත්තේ, විමලවීර දිසානායක, ප‍්‍රියංකර ජයරත්න යන රාජ්‍ය ඇමතිවරුන් මෙසේ සමූහ ඡායාරූපයට පෙනී නොසිටියහ.

තමන් හදිසි අවස්ථාවක් සඳහා එම ස්ථානයෙන් පිටව ගිය බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කර තිබේ.

රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න සඳහන් කර ඇත්තේ තමන් එම අවස්ථාවේ ආසන්නයේ සිටියද සන්නිවේදන ගැටලුවක් මත සමූහ ඡායාරූපයට පෙනී සිටීමේ අවස්ථාව මඟ හැරුණු බවයි.

Rate this item
(0 votes)